Siyapath
ලියාපදිංචි වන්න

පාඩම: 6 පරිච්ඡේදය — මානව දේහ ක්‍රියාවලි

හෝර්මෝන හා සමස්ථිතිය 2 වන පිටුව (5)

අන්තරාසර්ග ග්‍රන්ථි

දේහයේ ප්‍රධාන අන්තරාසර්ග ග්‍රන්ථි හා ඒවායේ හෝර්මෝන:

රූපයක් එක් කළ යුතුය

රූපය — දේහයේ අන්තරාසර්ග ග්‍රන්ථි: පිටියුටරි, තයිරොයිඩ්, අධිවෘක්ක, අග්න්‍යාශයේ ලැංගර්හාන්ස් දූපත්, ඩිම්බ කෝෂ හා වෘෂණ.
ග්‍රන්ථිය හෝර්මෝනය කාර්යය
පිටියුටරි වර්ධක හෝර්මෝනය, ADH, සහ අනෙක් ග්‍රන්ථි පාලනය කරන හෝර්මෝන වර්ධනය හා ජල තුල්‍යතාව පාලනය; ප්‍රධාන ග්‍රන්ථිය
තයිරොයිඩ් තයිරොක්සින් පරිවෘත්තීය වේගය පාලනය; අයඩීන් අවශ්‍ය වේ
අධිවෘක්ක ඇඩ්‍රිනලින් හදිසි අවස්ථාවකට දේහය සූදානම් කිරීම
අග්න්‍යාශය (ලැංගර්හාන්ස් දූපත්) ඉන්සියුලින් හා ග්ලූකගෝන් රුධිර ග්ලූකෝස් මට්ටම පාලනය
ඩිම්බ කෝෂ ඊස්ට්‍රජන් හා ප්‍රොජෙස්ටරෝන් ස්ත්‍රී ලිංගික ලක්ෂණ; ඔසප් චක්‍රය
වෘෂණ ටෙස්ටොස්ටරෝන් පුරුෂ ලිංගික ලක්ෂණ

ගලගණ්ඩය

ආහාරයේ අයඩීන් ඌනතාව නිසා තයිරොක්සින් නිපදවීම අඩු වී තයිරොයිඩ් ග්‍රන්ථිය ඉදිමේ. අයඩීන් මිශ්‍ර ලුණු භාවිතයෙන් එය වළක්වා ගත හැකි ය.