Siyapath
ලියාපදිංචි වන්න

පාඩම: 15 පරිච්ඡේදය — ජෛවගෝලය

ගෘහස්ථ රසායනික ද්‍රව්‍ය හා අපද්‍රව්‍ය 1 වන පිටුව (5)

ගෘහස්ථ, ඉලෙක්ට්‍රොනික හා න්‍යෂ්ටික අපද්‍රව්‍ය

එදිනෙදා ආහාරපාන සකස් කිරීමේ දී ඉවතලන ආහාර කොටස් හා නරක් වූ ආහාර ද්‍රව්‍ය, විවිධ අවශ්‍යතා සඳහා නිවසට රැගෙන එන ප්ලාස්ටික් සහ පොලිතීන් ද්‍රව්‍ය, ඉවතලන ඇඳුම්, වීදුරු හා පෝසිලේන් භාණ්ඩ, ගෙවතු කසළ, මිනිස් බහිස්ස්‍රාවීය ඵල ප්‍රධාන වශයෙන් ගෘහස්ථ අපද්‍රව්‍යවලට අයත් වේ. ගෘහස්ථ අපද්‍රව්‍ය නිරන්තරයෙන් පරිසරයට එකතු වන අපද්‍රව්‍ය කාණ්ඩයකි.

රූපයක් එක් කළ යුතුය

15.24 රූපය — ගෘහස්ථ අපද්‍රව්‍ය.

ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය

ස්ථිර වශයෙන් ම නැවත භාවිතයෙන්, නැවත අලෙවියෙන්, ඉවත් කළ හෝ අලෙවිය නවතා දැමූ භාවිත කළ විද්‍යුත් හා ඉලෙක්ට්‍රොනික උපාංග ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය ලෙස හැඳින්වේ. නවීන තාක්ෂණයේ අහිතකර ප්‍රතිඵලයක් ලෙස ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය වර්තමානයේ ශීඝ්‍රයෙන් පරිසරයට එකතු වේ.

රූපයක් එක් කළ යුතුය

15.25 රූපය — ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය.
ද්‍රව්‍යය අඩංගු වන්නේ
ඊයම් බැටරි, පරිපථ පුවරු, රූපවාහිනී හා පරිගණකවල ඇති කැතෝඩ කිරණ නළ
රසදිය උෂ්ණත්වමාන, ප්‍රතිදීපන පහන්, සංවේදක
කැඩ්මියම් බැටරි, ජංගම දුරකතන
බෙරිලියම් පරිගණක, දුරකථන, ස්වයංක්‍රීය ඉලෙක්ට්‍රොනික උපකරණ
ආසනික් ආලෝක විමෝචක ඩයෝඩ
පොලිවයිනයිල් ක්ලෝරයිඩ් පරිගණක ආවරණ, රැහැන් ආවරණ

න්‍යෂ්ටික අපද්‍රව්‍ය

න්‍යෂ්ටික ඉන්ධන සකසන ස්ථාන, න්‍යෂ්ටික ප්‍රතික්‍රියක හා න්‍යෂ්ටික අවි කර්මාන්ත ශාලා යනාදියෙන් ඉවත ලන විකිරණශීලි හා අධි ධූලක සහිත ද්‍රව්‍ය න්‍යෂ්ටික අපද්‍රව්‍ය ලෙස හැඳින්වේ. ප්‍රධාන න්‍යෂ්ටික ඉන්ධන ලෙස යොදා ගනුයේ යුරේනියම් හා ප්ලූටෝනියම් ය. න්‍යෂ්ටික අපද්‍රව්‍යවල විකිරණශීලීතාව වසර දහස් ගණනක් වුවද පැවතිය හැකි නිසා න්‍යෂ්ටික අපද්‍රව්‍ය කොන්ක්‍රීට් හෝ ලෝහයෙන් තැනූ ඝන ආවරණයක් තුළ බහා ගොඩබිම හෝ ගැඹුරු මුහුදේ තැන්පත් කරයි.

ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍යවලට විශේෂ හැසිරවීමක් අවශ්‍ය වන්නේ ඇයි

පැරණි දුරකථනයක් හානිකර නොවන ලෙස පෙනුණ ද එහි පසුගිය කුසලතාවේ බැර ලෝහ කිහිපයක් ඇත. කසළ ගොඩක වැසි සෙමින් ඒවා පසට හා භූගත ජලයට සෝදා හරියි; තඹ ලබා ගැනීමට එළිමහනේ දැවූ විට විෂ දුම් පිට කරයි. එම උපාංගවල වටිනා ලෝහ — රන්, රිදී හා තඹ — ද ඇති බැවින් නිසි ලෙස එකතු කළ විට ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය සම්පතකි.

වර්ධනය වන අපද්‍රව්‍ය ධාරා තුනක්

ගෘහස්ථ අපද්‍රව්‍ය නිරන්තර ය; ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍යවල ඊයම්, රසදිය, කැඩ්මියම්, බෙරිලියම් හා ආසනික් ඇත; න්‍යෂ්ටික අපද්‍රව්‍ය වසර දහස් ගණනක් විකිරණශීලී ව පවතී.