Siyapath
ලියාපදිංචි වන්න

පාඩම: 15 පරිච්ඡේදය — ජෛවගෝලය

ගෘහස්ථ රසායනික ද්‍රව්‍ය හා අපද්‍රව්‍ය 2 වන පිටුව (5)

ආහාරවලට එකතු කරන ද්‍රව්‍ය

මිනිසාගේ කාර්මික දියුණුවත් සමග ගෘහස්ථ කටයුතුවලට ස්වාභාවික ද්‍රව්‍ය වෙනුවට විවිධ රසායනික ද්‍රව්‍ය යොදා ගැනීම ආරම්භ විය. වර්තමානයේ එවැනි ද්‍රව්‍ය සමූහයක් නිවෙස්වල යොදා ගැනේ. ආහාරවලට එකතු කරන ද්‍රව්‍ය, ශෝධනකාරක, ඖෂධ, තීන්ත, රූපලාවන්‍ය ද්‍රව්‍ය හා ආලේපන ඒ අතරින් ප්‍රධාන වේ.

රූපයක් එක් කළ යුතුය

15.26 රූපය — ගෘහස්ථ රසායනික ද්‍රව්‍ය.

ආහාරවලට එකතු කරන ද්‍රව්‍ය හා E අංකය

ආහාර පිසීමේ දී රසය, සුවඳ, පෙනුම වැඩි දියුණු කිරීමට, පෝෂණය ඉහළ නැංවීමට හා කල් තබාගැනීමට විවිධ ද්‍රව්‍ය ආහාරයට එකතු කරයි. පරීක්ෂණාත්මක ව ආරක්ෂිත යැයි තහවුරු කළ, භාවිතය සඳහා අනුමැතිය සහිත ආහාරවලට එකතු කරන ද්‍රව්‍ය සංකේතවත් කිරීම සඳහා යුරෝපා සංගමය විසින් යොදා ගන්නා කේත ක්‍රමය E අංකය ලෙස හැඳින්වේ. E අංකයකින් සංකේත කළ ද ඇතැම් ද්‍රව්‍යවල යෝග්‍ය බව පිළිබඳ විශාල ගැටලු පවතී.

ක්‍රියාකාරකම් 15.3 හා 15.4

  • ඔබේ නිවසට ගෙන ආ නිෂ්පාදනවල ලේබලයේ සඳහන් E අංකය හඳුනාගන්න. එම එක් එක් E අංකයෙන් සංකේතවත් කරන ද්‍රව්‍ය කුමක් ද? එය යෙදීමේ අරමුණ කවරක් ද? එහි අහිතකර බලපෑම් මොනවා ද? යන්න සොයා බලන්න.
  • එදිනෙදා නිවසට ගෙන එනු ලබන සකස් කළ ආහාර කල්තබා ගැනීමට, වර්ණවත් කිරීමට හා රස ගැන්වීමට යොදා ගන්නා කෘත්‍රිම ද්‍රව්‍ය පිළිබඳ ගවේෂණය කරන්න: ආහාරය — අඩංගු ද්‍රව්‍ය — අහිතකර බලපෑම්.

අමතර දැනුම සඳහා — ආහාරවලට එකතු කරන ද්‍රව්‍ය

යොදන ද්‍රව්‍ය හා අරමුණ අඩංගු ද්‍රව්‍ය අහිතකර බලපෑම්
වර්ණක (ප්‍රසන්න පෙනුමක් ලබාදීම) FDSC Blue No 1, FDSC Red No 40, බීටා කැරොටීන් ආසාත්මිකතා, ළමුන්ගේ අසාමාන්‍යතා
පැණි රසකාරක සුක්රෝස්, ග්ලූකෝස්, ෆෲක්ටෝස් ස්ථූලතාව, දියවැඩියාව, හෘදාබාධ, උදරය ඉදිරියට නෙරා ඒම
රසකාරක මොනොසෝඩියම් ග්ලූටමේට් (MSG) හිසරදය, පපුවේ වේදනාව, දිවේ රසාංකුර දුර්වල වීම, හෘදයාබාධ
පරිරක්ෂක (නරක් නොවී කල් තබා ගැනීම) ඇස්කෝබික් අම්ලය, BHA, BHT, EDTA, සෝඩියම් බෙන්සොඒට්, කැල්සියම් ප්‍රොපනේට්, සෝඩියම් නයිට්‍රේට් (NaNO3) ආසාත්මිකතා, ඔක්කාරය, වමනය, උදරාබාධ, වඳබව, පිළිකා, DNA විකෘති, අක්මාවේ හා වෘක්කවල ආබාධ
තිරකාරක (ව්‍යුහය වැඩි දියුණු කිරීම) ජෙලටීන්, පෙක්ටීන් අතීසාරය, පාචනය
පිපුම්කාරක සෝඩියම් බයිකාබනේට් (බේකින් සෝඩා), කැල්සියම් කාබනේට්, මොනොකැල්සියම් පොස්පේට් උදරාබාධ, පිළිකා
විරංජක සල්ෆර්ඩයොක්සයිඩ් (SO2) ශ්වසන අපහසුතා
පෝෂක (නිෂ්පාදනයේ දී ඉවත් වන පෝෂණය යළි ඇති කිරීම) තයමින් හයිඩ්‍රොක්ලෝරයිඩ්, රයිබොෆ්ලේවින්, ෆොලික් අම්ලය, ඇස්කොබික් අම්ලය ඔක්කාරය, වමනය

ආහාරයට යොදන රසායනික ද්‍රව්‍ය නිසා ඇති වන රෝග: ඇදුම, වකුගඩු රෝග, දියවැඩියාව, හෘද රෝග, පිළිකා (ආහාර මාර්ගය, පෙනහැලි, අක්මාව, තයිරොයිඩ් ග්‍රන්ථිය ආශ්‍රිත), ආසාත්මිකතා (චර්ම රෝග), පෝෂණය හා සම්බන්ධ රෝග, ස්නායු පද්ධතියේ රෝග, ළමුන්ගේ අධි ක්‍රියාකාරිත්වය, මන්ද මානසික හා සාපරාධි මානසික තත්ත්ව ඇතිවීම, ආහාර මාර්ගය ආශ්‍රිත රෝග.

පෙළපොතේ වගුවේ විරංජකය "සල්ෆර්ඩයොක්සයිඩ් (SO)" ලෙස මුද්‍රණය වී ඇත; සූත්‍රය SO2 වේ.

ලේබලය කියවන්න

එකතු කරන ද්‍රව්‍ය ආහාර වර්ණවත් කිරීම, පැණි රස කිරීම, රස ගැන්වීම, කල් තබා ගැනීම හා ස්ථායී කිරීම කරයි; E අංක අනුමත ඒවා හඳුනා ගනී, නමුත් සමහරක් තවමත් සෞඛ්‍ය ගැටලු මතු කරයි.