Siyapath
ලියාපදිංචි වන්න

පාඩම: 6 පරිච්ඡේදය — මානව දේහ ක්‍රියාවලි

මූත්‍ර නිපදවීමේ ක්‍රියාවලිය 2 වන පිටුව (3)

වරණීය ප්‍රතිශෝෂණය

පෙරනයේ දේහයට අවශ්‍ය ද්‍රව්‍ය බොහොමයක් තවමත් ඇත. එය නාලිකාව දිගේ ගලා යන විට ප්‍රයෝජනවත් ද්‍රව්‍ය නැවත රුධිරයට ලබා ගැනේ.

වරණීය ප්‍රතිශෝෂණය

දේහයට අවශ්‍ය ද්‍රව්‍ය පමණක් පෙරනයෙන් නැවත රුධිරයට ලබා ගැනීම වරණීය ප්‍රතිශෝෂණය යි.

  • සියලු ග්ලූකෝස් හා ඇමයිනෝ අම්ල
  • ජලයෙන් 90%ක් පමණ; දේහයේ ජල හිඟයක් ඇති විට ඊට වැඩි ප්‍රමාණයක්
  • දේහයට අවශ්‍ය ලවණ

සෑම මිනිත්තුවකට ම පෙරනය 120 cm3 පමණ සෑදෙන අතර එයින් 95%ක් පමණ නැවත අවශෝෂණය වේ. ප්‍රතිශෝෂණය නොවන්නට පැය කිහිපයකින් දේහයේ ජලය අහිමි වනු ඇත.