Siyapath
ලියාපදිංචි වන්න

පාඩම: 6 පරිච්ඡේදය — මානව දේහ ක්‍රියාවලි

මූත්‍ර නිපදවීමේ ක්‍රියාවලිය 3 වන පිටුව (3)

ස්‍රාවය හා මූත්‍රවල සංයුතිය

නාලිකාවේ සෛල මගින් ඇතැම් ද්‍රව්‍ය රුධිරයේ සිට නාලිකාව තුළට ද ගෙන එනු ලැබේ. මෙය ස්‍රාවය යි.

ස්‍රාවය වන ද්‍රව්‍ය

  • හයිඩ්‍රජන් අයන (H+)
  • පොටෑසියම් අයන (K+)
  • ඇමෝනියම් අයන (NH4+)
  • ක්‍රියැටිනීන්
  • ඇතැම් ඖෂධ හා අතිරික්ත විටමින් B

නාලිකාවේ ඉතිරි වන ද්‍රවය මූත්‍ර ය. එය සංග්‍රාහක නාලිකා ඔස්සේ වෘක්ක ශ්‍රෝණියට හා මූත්‍රවාහිනියට ගමන් කරයි.

මූත්‍රවල ද්‍රව්‍යය ආසන්න ප්‍රතිශතය
ජලය 96%
යූරියා 2%
ලවණ, යූරික් අම්ලය, ක්‍රියැටිනීන් හා ඇමෝනියා 2%

නිරෝගී මූත්‍රවල ග්ලූකෝස් හෝ ප්‍රෝටීන අඩංගු නොවේ. ඒවායින් එකක් හෝ මූත්‍රවල තිබීම යම් ආබාධයක ලක්ෂණයකි.