Siyapath
ලියාපදිංචි වන්න

පාඩම: 6 පරිච්ඡේදය — මානව දේහ ක්‍රියාවලි

මූත්‍රවාහිනී පද්ධතිය ආශ්‍රිත රෝග 1 වන පිටුව (2)

වෘක්ක අකර්මණ්‍ය වීම හා වෘක්ක ප්‍රදාහය

වෘක්ක නිසි ලෙස ක්‍රියා නොකරන විට අපද්‍රව්‍ය හා ජලය රුධිරයේ එකතු වේ.

වෘක්ක අකර්මණ්‍ය වීම

වෘක්කවලට රුධිරය පෙරීමට නොහැකි වේ. දිගුකාලීන දියවැඩියාව, අධි රුධිර පීඩනය සහ ප්‍රමාණවත් ජලය පානය නොකිරීම හේතු අතර වේ. රුධිර කාන්දු පෙරීම (ඩයලිසිස්) හෝ වෘක්ක බද්ධ කිරීම මගින් රෝගීන් ජීවත් කරවනු ලැබේ.

වෘක්ක ප්‍රදාහය

බොහෝ විට ආසාදනයකින් පසු වෘක්කාණු ප්‍රදාහයට ලක් වේ. එවිට ප්‍රෝටීන හා රුධිරාණු මූත්‍රවලට කාන්දු විය හැකි අතර දේහය ඉදිමේ.

වෘක්ක ආරක්ෂා කර ගැනීම

  • දිනපතා ප්‍රමාණවත් තරම් පිරිසිදු ජලය පානය කරන්න.
  • මූත්‍ර දිගු වේලාවක් රඳවා නොගන්න.
  • අධික ලුණු සහ වෛද්‍ය උපදෙස් නොමැතිව වේදනා නාශක භාවිතය වළක්වන්න.
  • රුධිර සීනි හා රුධිර පීඩනය පාලනය කර ගන්න.