Siyapath
ලියාපදිංචි වන්න

පාඩම: 6 පරිච්ඡේදය — මානව දේහ ක්‍රියාවලි

මූත්‍රවාහිනී පද්ධතිය ආශ්‍රිත රෝග 2 වන පිටුව (2)

වෘක්කවල හා මූත්‍රාශයේ ගල්

මූත්‍රවල ඇති ලවණ ස්ඵටිකීකරණය වී වෘක්කවල හෝ මූත්‍රාශයේ දැඩි ගල් සෑදිය හැකි ය.

ප්‍රමාණවත් ජලය පානය නොකිරීම හා ඔක්සලේට් හෝ කැල්සියම් බහුල ආහාර අධිකව ගැනීම ඊට හේතු වේ. මූත්‍රවාහිනියක් අවහිර කරන ගලක් දැඩි වේදනාවක් ඇති කරයි.

ප්‍රතිකාර — ලිතොට්‍රිප්සි

දේහයෙන් පිටත සිට යොමු කරන කම්පන තරංග මගින් ගල කුඩා කැබලිවලට කඩා දමන අතර ඒවා මූත්‍ර සමඟ ඉවත් වේ. විශාල ගල් ශල්‍යකර්මයෙන් ඉවත් කෙරේ.