රුධිරයේ සංයුතිය
රුධිරය යනු නාල තුළින් ගලා යන තරල සම්බන්ධක පටකයකි.
තැන්පත් වීමට තැබූ රුධිරය
කැටි ගැසීම වළක්වා රුධිරය තැන්පත් වීමට තැබූ විට එය කොටස් දෙකකට වෙන් වේ: ඉහළින් ලා කහ පැහැති ප්ලාස්මය (55%ක් පමණ), පහළින් රුධිරාණු (45%ක් පමණ).
රතු රුධිරාණු
ඔක්සිජන් පරිවහනය
සුදු රුධිරාණු
දේහය ආරක්ෂා කිරීම
පට්ටිකා
රුධිරය කැටි ගැසීමට දායක වීම
රුධිරයේ කෘත්‍ය
- ඔක්සිජන්, කාබන් ඩයොක්සයිඩ්, ජීර්ණ ආහාර, අපද්‍රව්‍ය හා හෝර්මෝන පරිවහනය
- තාපය බෙදා හරිමින් දේහ උෂ්ණත්වය නියතව තබා ගැනීම
- විෂබීජවලින් දේහය ආරක්ෂා කිරීම
- රුධිර වහනය නැවැත්වීමට කැටි ගැසීම