Siyapath
ලියාපදිංචි වන්න

පාඩම: 6 පරිච්ඡේදය — මානව දේහ ක්‍රියාවලි

6.4. රුධිරය 2 වන පිටුව (4)

රතු රුධිරාණු

රුධිරයේ වැඩි ම සෛල ප්‍රමාණය රතු රුධිරාණු ය: රුධිර mm3 එකක මිලියන 5ක් පමණ.

රූපයක් එක් කළ යුතුය

රූපය — රතු රුධිරාණු: න්‍යෂ්ටියක් නොමැති, උභයාවතල තැටි හැඩැති සෛල.

හැඩය

උභයාවතල තැටියක හැඩය; එයින් ඔක්සිජන් ලබා ගැනීමට විශාල පෘෂ්ඨයක් ලැබේ.

න්‍යෂ්ටිය නැත

එමගින් හිමොග්ලොබින් සඳහා වැඩි ඉඩක් ලැබේ.

හිමොග්ලොබින්

පෙනහැලිවල දී ඔක්සිජන් සමඟ බැඳී පටකවල දී එය නිදහස් කරන යකඩ අඩංගු රතු වර්ණකයකි.

ආයු කාලය

මාස හතරක් පමණ; පැරණි සෛල අක්මාවේ හා ප්ලීහාවේ විනාශ කෙරෙන අතර නව සෛල ඇට මිදුළුවේ නිපදවේ.

රක්තහීනතාව

රතු රුධිරාණු හෝ හිමොග්ලොබින් අඩු වූ විට රුධිරයට ප්‍රමාණවත් ඔක්සිජන් ගෙන යා නොහැකි ය: වෙහෙස හා සුදුමැලි බව ඇති වේ. ආහාරයේ යකඩ ඌනතාව පොදු හේතුවකි.