Siyapath
ලියාපදිංචි වන්න

පාඩම: 6 පරිච්ඡේදය — මානව දේහ ක්‍රියාවලි

6.4. රුධිරය 3 වන පිටුව (4)

සුදු රුධිරාණු

සුදු රුධිරාණුවලට න්‍යෂ්ටියක් ඇති අතර හිමොග්ලොබින් නොමැත; ඒවා දේහය ආරක්ෂා කරයි. රුධිර mm3 එකක 4000–11000ක් පමණ ඇත.

වර්ගය සුදු රුධිරාණුවලින් ප්‍රතිශතය කාර්යය
නියුට්‍රොෆිල 60–70% බැක්ටීරියා ගිල දැමීම
ලිම්ෆොසයිට 20–30% ප්‍රතිදේහ නිපදවීම
මොනොසයිට 3–8% විෂබීජ හා මළ සෛල ගිල දැමීම
ඊයොසිනොෆිල 2–4% අසාත්මිකතා හා පරපෝෂිතවලට එරෙහිව ක්‍රියා කිරීම
බේසොෆිල 0.5–1% ප්‍රදාහයේ දී ක්‍රියා කිරීම

රූපයක් එක් කළ යුතුය

රූපය — විවිධ හැඩැති න්‍යෂ්ටි සහිත සුදු රුධිරාණු වර්ග පහ.

ආසාදනයක දී සුදු රුධිරාණු ගණන ඉහළ යයි; ආසාදනයක් හඳුනා ගැනීමට රුධිර පරීක්ෂාව වෛද්‍යවරයාට උපකාරී වන්නේ එබැවිනි.