පට්ටිකා හා රුධිර ප්ලාස්මය
පට්ටිකා යනු න්‍යෂ්ටියක් නොමැති කුඩා සෛල කොටස් ය: mm3 එකක 150000–400000ක් පමණ වන අතර දින 5–7ක් ජීවත් වේ.
තුවාලයක රුධිර වහනය නවතින ආකාරය
නාලය හානි වීම
→
පට්ටිකා ත්‍රොම්බොප්ලාස්ටින් මුදා හැරීම
→
ෆයිබ්‍රින් කෙඳි සෑදීම
→
කැටිය
ෆයිබ්‍රින් කෙඳි රුධිරාණු හසු කර ගනිමින් තුවාලය වසයි.
රුධිර ප්ලාස්මය
ප්ලාස්මයේ 90%ක් පමණ ජලයයි. එහි ද්‍රාවිතව ඇත්තේ:
- ජීර්ණ ආහාර: ග්ලූකෝස්, ඇමයිනෝ අම්ල, මේද අම්ල
- කැටි ගැසීමට හා ප්‍රතිදේහ ඇතුළු ප්ලාස්ම ප්‍රෝටීන
- ලවණ, හෝර්මෝන හා විටමින
- අපද්‍රව්‍ය: යූරියා හා කාබන් ඩයොක්සයිඩ්