Siyapath
ලියාපදිංචි වන්න

පාඩම: 6 පරිච්ඡේදය — මානව දේහ ක්‍රියාවලි

හෘදය හා රුධිර සංසරණය 1 වන පිටුව (4)

රුධිර සංසරණය නිරීක්ෂණය

හෘදය මගින් පොම්ප කරන රුධිරය සංවෘත නාල පද්ධතියක් තුළින් දේහය පුරා ගලා යයි. 6.3 ක්‍රියාකාරකමෙන් එය නිරීක්ෂණය කළ හැකි ය.

6.3 ක්‍රියාකාරකම — කේශනාලිකාවල රුධිරය ගලා යාම

කුඩා සජීවී මත්ස්‍යයකු හෝ ඉස්ගෙඩියකු වලිගය නිදහස්ව තිබෙන සේ තෙත් පුළුන් කැබැල්ලක ඔතා වීදුරු කදාවක් මත තබා සිහින් වලිගය අන්වීක්ෂයේ අඩු බලය යටතේ නිරීක්ෂණය කරන්න. ඉක්මනින් සත්වයා නැවත ජලයට මුදා හරින්න.

නිරීක්ෂණය

ඉතා පටු නාල වන කේශනාලිකා ඔස්සේ රුධිරාණු එක පෙළට ගමන් කරන අතර එම කේශනාලිකා විශාල නාලවලට සම්බන්ධ වේ.

ධමනි

හෘදයේ සිට රුධිරය ගෙන යයි

කේශනාලිකා

සෛල සමඟ ද්‍රව්‍ය හුවමාරු කරයි

ශිරා

හෘදය වෙත රුධිරය ගෙන එයි