Siyapath
ලියාපදිංචි වන්න

පාඩම: 7 පරිච්ඡේදය — අම්ල, භස්ම හා ලවණ

දර්ශක හා pH 1 වන පිටුව (3)

දර්ශක භාවිතයෙන් අම්ල - භස්ම හඳුනාගැනීම

දර්ශකයක් අම්ලයක හෝ භස්මයක දී වර්ණය වෙනස් කරන බැවින් ද්‍රාවණයක් කුමක් දැයි එමගින් දැන ගත හැකි ය.

ක්‍රියාකාරකම 7.1 — දර්ශක භාවිතයෙන් අම්ල හා භස්ම හඳුනාගැනීම

අවශ්‍ය ද්‍රව්‍ය: නිල් ලිට්මස්, රතු ලිට්මස්, මෙතිල් ඔරේන්ජ්, පිනෝප්තැලීන් වැනි දර්ශක, දෙහි යුෂ, තනුක හයිඩ්‍රොක්ලෝරික් අම්ලය, තනුක සල්ෆියුරික් අම්ලය, විනාකිරි, තනුක සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ්, සබන් දියර

මෙහි දැක්වෙන ජලීය ද්‍රාවණවලට ඉහත දැක්වෙන දර්ශක එකතුකර නිරීක්ෂණය සටහන් කරන්න.

7.1 වගුව — අපේක්ෂිත ප්‍රතිඵල

ද්‍රාවණය ලිට්මස් මෙතිල් ඔරේන්ජ් පිනෝප්තැලීන්
තනුක හයිඩ්‍රොක්ලෝරික් අම්ලය රතු රතු අවර්ණ
දෙහි යුෂ රතු රතු අවර්ණ
තනුක සල්ෆියුරික් අම්ලය රතු රතු අවර්ණ
විනාකිරි රතු රතු අවර්ණ
තනුක සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ද්‍රාවණය නිල් කහ රෝස
සබන් දියර නිල් කහ රෝස

7.2 වගුව — දර්ශකවල වර්ණ

දර්ශකය ආම්ලික වර්ණය භාස්මික වර්ණය
ලිට්මස් රතු නිල්
පිනෝප්තැලීන් අවර්ණ රෝස
මෙතිල් ඔරේන්ජ් රතු කහ

දළ පරීක්ෂාවක් පමණි

දර්ශක භාවිතයෙන් අම්ල, භස්ම හඳුනාගැනීම එතරම් ම නිවැරදි ක්‍රමයක් නො වේ. එසේ ම එමගින් අම්ල හා භස්මවල ප්‍රබලතාව පිළිබඳ ව අගයක් ලබාගැනීමට ද නොහැකි ය. දර්ශක මගින් අදාළ ද්‍රව්‍යය අම්ලයක් ද, භස්මයක් ද යන්න දළ වශයෙන් හඳුනාගැනීම සිදු කරනු ලැබේ.