Siyapath
ලියාපදිංචි වන්න

පාඩම: 7 පරිච්ඡේදය — අම්ල, භස්ම හා ලවණ

දර්ශක හා pH 2 වන පිටුව (3)

pH පරිමාණය

කිසියම් ද්‍රාවණයක් කොපමණ ආම්ලික ද, නැතහොත් භාස්මික ද යන්න ප්‍රකාශ කිරීම සඳහා pH පරිමාණය භාවිත කෙරේ. මෙය බොහෝ විට අංක 0 සිට 14 දක්වා පෙළ ගස්වා ඇත. එහි දී අංක මෙන් ම ඊට අදාළ වර්ණයක් ද වේ.

ආම්ලික
උදාසීන
භාස්මික
7.4 රූපය — pH පරිමාණය සහ pH පත්‍රවල වර්ණ කේත

pH 7ට අඩු — ආම්ලික

pH අගය අඩු වන තරමට ආම්ලිකතාව වැඩි ය: 0 සිට 6 දක්වා ආම්ලික ස්වභාවය අඩු වේ.

pH 7 — උදාසීන

ජලය වැනි උදාසීන ද්‍රව්‍ය.

pH 7ට වැඩි — භාස්මික

8 සිට 14 දක්වා භාස්මික ස්වභාවය වැඩි වේ.