pH කඩදාසි
pH කඩදාසි ලිට්මස් පත්‍ර මෙන් කුඩා පොත් හෝ රෝල් ලෙස පරීක්ෂණාගාරයේ ඇත. ඒවා පිළියෙල කර ඇත්තේ දර්ශක කීහිපයක් එක් කිරීමෙනි.
pH පත්‍රයක් භාවිතය
- ද්‍රාවණයට pH පත්‍රයක් එක් කරන්න.
- pH පත්‍රයට ලැබෙන වර්ණය, වර්ණ කේතය සමඟ සංසන්දනය කරන්න.
- අදාළ pH අගය සොයා ගන්න.
pH පත්‍රයකින් ද්‍රාවණයේ ආම්ලික, භාස්මික හෝ උදාසීන බව හඳුනා ගත හැකි ය. එමෙන් ම අම්ලයේ හෝ භස්මයේ ප්‍රබලතාව පිළිබඳ ව ද අවබෝධයක් ලබාගත හැකි ය.