ලවණ සෑදෙන ආකාරය
එදිනෙදා ජීවිතයේ දී අප බහුල ව භාවිත කරන ලුණු (NaCl), ලවණයකි. පාචනය වැනි රෝගී තත්ත්ව සඳහා දෙන ජීවනී ද්‍රාවණය හා රෝගීන්ට දෙන සේලයින් ද්‍රාවණය ද ලවණ අඩංගු මිශ්‍රණ වේ.
අම්ල, භස්ම සමග ප්‍රතික්‍රියා කර ලවණ සාදයි.
| අම්ලය + භස්මය | සෑදෙන ලවණය |
|---|---|
| හයිඩ්‍රොක්ලෝරික් අම්ලය + සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් | සෝඩියම් ක්ලෝරයිඩ් |
| හයිඩ්‍රොක්ලෝරික් අම්ලය + පොටෑසියම් හයිඩ්‍රොක්සයිඩ් | පොටෑසියම් ක්ලෝරයිඩ් |
| නයිට්‍රික් අම්ලය + මැග්නීසියම් හයිඩ්‍රොක්සයිඩ් | මැග්නීසියම් නයිට්‍රේට් |
NaOH (aq) + HCl (aq) → NaCl (aq) + H2O (l)
KOH (aq) + HCl (aq) → KCl (aq) + H2O (l)
Mg(OH)2 (s) + 2HNO3 (aq) → Mg(NO3)2 (aq) + 2H2O (l)