Siyapath
ලියාපදිංචි වන්න

පාඩම: 7 පරිච්ඡේදය — අම්ල, භස්ම හා ලවණ

7.3. ලවණ 2 වන පිටුව (3)

ආම්ලික, භාස්මික හා උදාසීන ලවණ

ලවණය සෑදීමේ දී එකිනෙක සමඟ ප්‍රතික්‍රියා කරන අම්ලයේ හෝ භස්මයේ ප්‍රබලතාව පදනම් කරගෙන ඒවා ආම්ලික, භාස්මික හෝ උදාසීන ගතිගුණ පෙන්වයි.

ප්‍රබල අම්ලයක් හා ප්‍රබල භස්මයක්

ප්‍රබල අම්ල හා ප්‍රබල භස්ම ප්‍රතික්‍රියාවෙන් සෑදෙන ලවණ, උදාසීන ලක්ෂණ පෙන්නුම් කරයි. සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ප්‍රබල භස්මයකි. හයිඩ්‍රොක්ලෝරික් අම්ලය ප්‍රබල අම්ලයකි. ඒවා අතර ප්‍රතික්‍රියාවෙන් සෑදෙන සෝඩියම් ක්ලෝරයිඩ් උදාසීන ලවණයකි.

NaOH (aq) + HCl (aq) → NaCl (aq) + H2O (l)

අනෙක් සංයෝජන

  • ප්‍රබල අම්ලයක් හා දුබල භස්මයක් ආම්ලික ලවණයක් ලබා දෙයි — හයිඩ්‍රොක්ලෝරික් අම්ලය හා ඇමෝනියාවෙන් ඇමෝනියම් ක්ලෝරයිඩ්.
  • දුබල අම්ලයක් හා ප්‍රබල භස්මයක් භාස්මික ලවණයක් ලබා දෙයි — ඇසිටික් අම්ලය හා සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ්වලින් සෝඩියම් ඇසිටේට්.