Siyapath
ලියාපදිංචි වන්න

පාඩම: 7 පරිච්ඡේදය — අම්ල, භස්ම හා ලවණ

7.3. ලවණ 3 වන පිටුව (3)

ලවණවල ගුණ හා භාවිත

ලවණ ස්ඵටිකරූපී, ඝන සංයෝග වේ. බොහොමයක් ලවණ ජලයේ දිය වේ. සාමාන්‍යයෙන් ලවණවලට ඉහළ ද්‍රවාංක හා තාපාංක ඇත.

රූපයක් එක් කළ යුතුය

7.5 හා 7.6 රූප — සෝඩියම් ක්ලෝරයිඩ් ස්ඵටික හැන්දක්, සහ නිල් පැහැති කොපර් සල්ෆේට් ස්ඵටික.

සෝඩියම් ක්ලෝරයිඩ්

ආහාර පිළියෙල කිරීමේ දී රස කාරකයක් ලෙස; ආහාර කල්තබා ගැනීමේ දී පරිරක්ෂණකාරකයක් ලෙස; ක්ලෝරීන්, හයිඩ්‍රොක්ලෝරික් අම්ලය වැනි සංයෝග හා සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් නිපදවීමට; සොල්වේ ක්‍රමයෙන් සෝඩියම් කාබනේට් නිපදවීමට; මැටි භාණ්ඩ ග්ලේස් කිරීමේ දී, සබන් සෑදීමේ දී හා සම් පදම් කිරීමේ දී.

කොපර් සල්ෆේට්

කෘෂිකාර්මික කටයුතුවල දී දිලීර නාශකයක් ලෙස; රසායනික ප්‍රතිකාරක සෑදීමේ දී (බෙනඩික්ට් හා ෆේලිං ද්‍රාවණ); විද්‍යුත් ලෝහාලේපනයේ දී; සායම් කර්මාන්තයේ දී.