Siyapath
ලියාපදිංචි වන්න

පාඩම: 7 පරිච්ඡේදය — අම්ල, භස්ම හා ලවණ

7.4. උදාසීනීකරණය 1 වන පිටුව (2)

උදාසීනීකරණය යනු කුමක් ද

ආමාශයේ අම්ල ගතිය නිසා ඇති වන අපහසුතා මඟහැරීමට භාස්මික ද්‍රව්‍යයක් වන ප්‍රත්‍යාම්ල පෙති භාවිත කරන බව ඔබ දන්නා කරුණකි. ඊට හේතු ඔබ සොයා බලා තිබේ ද?

හයිඩ්‍රොක්ලෝරික් අම්ලය හා සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් අතර ප්‍රතික්‍රියාව නැවත සලකා බලමු.

HCl (aq) + NaOH (aq) → NaCl (aq) + H2O (l)

අම්ලය අයනීකරණයෙන් ලැබෙන H+ අයන හා භස්මය අයනීකරණයෙන් ලැබෙන OH- අයන සම්බන්ධ වී ජල අණු සෑදේ. ඕනෑ ම අම්ල - භස්ම ප්‍රතික්‍රියාවක දී මෙම පොදු ප්‍රතික්‍රියාව සිදු වේ.

H+ (aq) + OH- (aq) → H2O (l)

උදාසීනීකරණය

උදාසීනීකරණය යනු අම්ලයකින් නිදහස්වන H+ අයන භස්මයකින් නිදහස් වන OH- අයන සමඟ සම්බන්ධ වී ජල අණු සෑදීමයි.

අම්ලයක් හා භස්මයක් ප්‍රතික්‍රියා කර උදාසීනීකරණය වූ විට එම ද්‍රාව්‍යවල ආම්ලික ගුණ මෙන් ම භාස්මික ගුණ ද නැති වී යයි.