Siyapath
ලියාපදිංචි වන්න

පාඩම: 7 පරිච්ඡේදය — අම්ල, භස්ම හා ලවණ

7.4. උදාසීනීකරණය 2 වන පිටුව (2)

එදිනෙදා ජීවිතයේ උදාසීනීකරණය

අම්ල - භස්ම උදාසීනීකරණ ප්‍රතික්‍රියා බොහෝ අවස්ථාවල භාවිත වේ.

ආමාශයේ අම්ල ගතිය

ආමාශයේ ඇති වන අම්ල ගතිය උදාසීන කිරීම සඳහා මිල්ක් ඔෆ් මැග්නීසියා හෝ එවැනි ප්‍රතිඅම්ලයක් (දුර්වල භස්මයක්) භාවිත කෙරේ.

ආම්ලික පස

පසෙහි ආම්ලික බව අඩු කිරීමට අළු, දිය ගැසූ හුනු (අළු හුනු) වැනි භාස්මික ද්‍රව්‍ය පසට එකතු කෙරේ.

මී මැසි දෂ්ට කිරීම

වේදනාවක් ඇති වන්නේ සම තුළට ඇතුළු වන ආම්ලික විෂ ද්‍රව්‍යයක් නිසා ය. දෂ්ට කළ ස්ථානයේ බේකින් සෝඩා (NaHCO3) වැනි දුර්වල භාස්මික ද්‍රව්‍යයක් යෙදීමෙන් වේදනාව අඩු වේ.

දෙබර දෂ්ට කිරීම

දෙබර විෂ භාස්මික වේ. ඒ නිසා දෙබරකු දෂ්ට කළ ස්ථානයේ දෙහි යුෂ, විනාකිරි වැනි දුබල තනුක අම්ලයක් ආලේප කිරීමෙන් විෂ ගතිය සහ වේදනාව සමනය කරගත හැකි ය.