කාච වර්ග
කාච නම් කරන්නේ ඒවායේ පෘෂ්ඨ දෙකේ හැඩය අනුව ය.
ද්වි උත්තල
තල උත්තල
ද්වි අවතල
තල අවතල
5.32 රූපය ඇසුරින්.
| කාචය | පෘෂ්ඨ දෙක |
|---|---|
| ද්වි උත්තල (bi - convex) | දෙක ම උත්තල |
| තල උත්තල (plano - convex) | එකක් උත්තල, අනෙක සමතල |
| ද්වි අවතල (bi - concave) | දෙපැත්ත ම අවතල |
| තල අවතල (plano - concave) | එක් පැත්තක් පමණක් අවතල |
උත්තල කාච
මැද දාරවලට වඩා ඝන ය. සමාන්තර ආලෝකය එක් කරයි.
අවතල කාච
මැද දාරවලට වඩා තුනී ය. සමාන්තර ආලෝකය විහිදුවයි.