Siyapath
ලියාපදිංචි වන්න

පාඩම: 4 පරිච්ඡේදය — තරංග සහ ඒවායේ යෙදීම්

4.1.2. අන්වායාම තරංග 1 වන පිටුව (3)

සම්පීඩන හා විරලන

ස්ලින්කිය පැත්තට ගස්සනවා වෙනුවට එහි දිග ඔස්සේ ම ඉදිරියට හා පසුපසට තල්ලු කළ විට, වෙනත් වර්ගයක තරංගයක් එය දිගේ ගමන් කරයි: අන්වායාම තරංගයක්.

4.3 ක්‍රියාකාරකම

අවශ්‍ය ද්‍රව්‍ය: ස්ලින්කියක්, රිබන් පටියක්

  • ස්ලින්කියක් මේසයක් මත තබා එක් කෙළවරක් මේසයට සවි කරන්න.
  • එක් පොටකට රිබන් පටියක් ගැට ගසන්න.
  • අනෙක් කෙළවර අතින් ස්ලින්කිය දිගේ ඉදිරියට හා පසුපසට චලනය කරන්න.

රූපයක් එක් කළ යුතුය

4.9 රූපය — ස්ලින්කියක් එහි දිග ඔස්සේ තල්ලු කිරීම හා ඇදීම; තෙරපුණු පොට (සම්පීඩන), ඈත් වූ පොට (විරලන), එක් පොටක රිබන් පටියක් සහ ශක්තිය ගැලීමේ දිශාව දැක්වේ.

නිරීක්ෂණය

නිදහස් කෙළවර ඉදිරියට තල්ලු කරන විට එම කෙළවරේ පොටවල් තෙරපෙයි. අත පසුපසට චලනය කරන විට පොටවල් එකිනෙකට දුරස් වේ. තෙරපුණු හා ඈත් වූ ප්‍රදේශ ස්ලින්කිය දිගේ ගමන් කරන අතර, රිබන් පටිය එක් ස්ථානයක් වටා ඉදිරියට හා පසුපසට චලනය වේ.

සම්පීඩනය

පොටවල් එකිනෙකට තෙරපී ඇති ප්‍රදේශයකි.

විරලනය

පොටවල් එකිනෙකට දුරස් වී ඇති ප්‍රදේශයකි.

අන්වායාම තරංගය

තරංගය ගමන් කරන දිශාවට සමාන්තරව මාධ්‍ය අංශු දෝලනය වන්නේ නම් එවැනි තරංග අන්වායාම තරංග ලෙස හැඳින්වේ.