Siyapath
ලියාපදිංචි වන්න

පාඩම: 4 පරිච්ඡේදය — තරංග සහ ඒවායේ යෙදීම්

4.1.2. අන්වායාම තරංග 2 වන පිටුව (3)

ධ්වනිය අන්වායාම තරංගයකි

ඔබ හමු වන වැදගත් ම අන්වායාම තරංගය ධ්වනිය යි. එය ආරම්භ වන්නේ යමක් කම්පනය වීමෙනි.

කම්පනයක් දැනගන්න

සරසුලක් නාද කොට එහි දැත්තක් ඔබේ ඇඟිලි තුඩින් ස්පර්ශ කරන්න. ඇඟිලි තුඩට මඳ දෙදරුමක් දැනෙයි. ඊට හේතුව සරසුල් දැත්ත මාරුවෙන් මාරුවට ඇඟිලි තුඩට ගැටීම සහ ඉන් ඉවත් වීම යි.

කම්පනය

නාද වන සරසුලෙහි ඇති වන ඔබ මොබ චලිතය කම්පන යනුවෙන් හඳුන්වනු ලැබේ.

කම්පනයේ සිට ඇසීම දක්වා

ධ්වනිය හට ගන්නේ මෙබඳු කම්පන හේතුවෙනි. එම කම්පන නිසා හට ගන්නා තරංග මගින් අපගේ ශ්‍රවණ සංවේදන ඇති කරයි. ශ්‍රවණ සංවේදනය ඇති කරන මෙම තරංග ධ්වනි තරංග ලෙස හඳුන්වනු ලැබේ.

වාතය තුළ හට ගන්නා ධ්වනි තරංග අන්වායාම තරංගවලට උදාහරණයකි.