බහුඅවයවකයක් යනු කුමක් ද
පහත රූප සටහන් කෙරෙහි ඔබේ අවධානය යොමු කරන්න. අප දෛනික ජීවිතයේ දී සුලබ ව භාවිත කරන, ඉහත රූපවලින් දැක්වෙන ද්‍රව්‍යවල රසායනික ස්වභාවය පිළිබඳව විමසා බලමු.
රූපයක් එක් කළ යුතුය
ඒවායේ අණුක මට්ටම සැලකූ විට ඒවාට පොදු සුවිශේෂී ලක්ෂණයක් ඇත. එනම්, එකී ද්‍රව්‍ය සියල්ල නිර්මාණය වී ඇත්තේ දිගු දාම ආකාරයට නිර්මාණය වූ විශාල අණුවලින් වීමයි. එවැනි දිගු දාම අණු බොහොමයක් නැවත නැවත යෙදෙන කුඩා අණුක ඒකකවලින් සමන්විත වීම තවත් විශේෂයකි. මේ අනුව ඉහත ද්‍රව්‍ය නිර්මිත අණු බහුඅවයවක ලෙස හඳුන්වනු ලැබේ.
බහුඅවයවක, ඒකඅවයවක, බහුඅවයවීකරණය
- කුඩා අණු රැසක් එකිනෙක සමඟ සම්බන්ධ වී සෑදෙන විශාල අණු බහුඅවයවක ලෙස හැඳින්වේ.
- බහුඅවයවක සෑදීමේ ක්‍රියාවලිය බහුඅවයවීකරණය ලෙස හැඳින්වේ.
- බහුඅවයවක නිර්මාණය වී ඇති කුඩා අණු ඒකඅවයවක ලෙසත් හැඳින්වේ.
රූපයක් එක් කළ යුතුය
ඇමුණුම් කටු කිහිපයක් එකිනෙකට සම්බන්ධ කරමින් තනා ඇති දාමය කෙරෙහි අවධානය යොමු කරන්න. එම දාමය සකස් කිරීමට භාවිත කළ තනි ඇමුණුම් කටු ඒකඅවයවක ලෙසත් ඇමුණුම් කටු දාමය බහුඅවයවකයක් ලෙසත් සැලකිය හැකි ය. බහුඅවයවකය පිළියෙල වීමෙන් පසු ව දාමයේ අඩංගු මූලික ව්‍යුහ ඒකක පුනරාවර්තන ඒකක ලෙස හැඳින්වේ.
ඒකඅවයවක සැලකූ විට ඒවායේ අණුක ස්කන්ධය සාපේක්ෂ ව අඩු ය. එහෙත් ඒකඅවයවක රාශියක් බහුඅවයවීකරණයෙන් සැදි බහුඅවයවකවල සාපේක්ෂ අණුක ස්කන්ධය ඉතා ඉහළ අගයක් ගනියි.
ඇමුණුම් කටු හොඳ ආකෘතියක් වන්නේ ඇයි
සෑම ඇමුණුම් කටුවක් ම ඒකඅවයවක අණුවක් මෙන් තනිව ම සම්පූර්ණ වස්තුවකි. කෙළවරින් කෙළවරට සම්බන්ධ කළ විට ඒවා නව ගුණ සහිත දෙයක් — පෙට්ටියක් වටා එතිය හැකි දාමයක් — සාදයි; එහෙත් සෑම පුරුකක් ම තවමත් එකම කටුවයි. පොලිතීන් අණුවක ඒකක දහස් ගණනක් තිබිය හැකි බැවින් එහි ස්කන්ධය එක් ඒකඅවයවකයක ස්කන්ධය මෙන් දහස් ගුණයකි. බහුඅවයවකවලට ශක්තිය හා නම්‍යතාව ලැබෙන්නේ එම විශාල දිගෙනි: දිගු දාම තැම්බූ නූඩ්ල්ස් මෙන් එකට පැටලී ඇදීමට අපහසු වේ.
ඒකඅවයවක රැසක් එක් බහුඅවයවකයක් සාදයි
ඒකඅවයවක කුඩා අණු වේ; බහුඅවයවීකරණය ඒවායින් රැසක් බහුඅවයවකයක් බවට සම්බන්ධ කරන අතර එහි පුනරාවර්තනය වන ගොඩනැගිලි කොටස පුනරාවර්තන ඒකකයයි.