Siyapath
ලියාපදිංචි වන්න

පාඩම: 5 පරිච්ඡේදය — ප්‍රකාශ විද්‍යාව

5.1. තල දර්පණයක ආලෝක පරාවර්තනය 2 වන පිටුව (4)

පරාවර්තන නියම

සෑම පරාවර්තනයක් ම ඔබ පෙර ශ්‍රේණිවල ඉගෙන ගත් නියම දෙකකට අනුගත වේ.

පළමු වන නියමය

පතන කිරණයත්, පරාවර්තන කිරණයත්, පතන ලක්ෂ්‍යයේ දී පෘෂ්ඨයට ඇඳි අභිලම්බයත් යන මේවා එක ම තලයක පවතියි.

දෙවන නියමය

පතන කෝණයත් පරාවර්තන කෝණයත් එකිනෙකට සමාන ය.

දෙවන නියමය

i = r

වක්‍ර දර්පණයක ධ්‍රැවය වෙත ප්‍රධාන අක්ෂයට කෝණයකින් පැමිණෙන කිරණයක් අක්ෂයේ අනෙක් පැත්තට සමාන කෝණයකින් පරාවර්තනය වීම — මෙම නියමය සෑම දර්පණයකට ම වලංගු වේ.

ධ්‍රැවයේ දී ප්‍රධාන අක්ෂය ම අභිලම්බය වන නිසා කිරණය පැමිණි කෝණයට සමාන කෝණයකින් පිටව යයි.