තල දර්පණයක ප්‍රතිබිම්බය
තල දර්පණයක් ඉදිරියේ O නම් ලක්ෂ්‍යමය වස්තුවක් තබන්න. එහි ප්‍රතිබිම්බය සෑදෙන්නේ කොහේ ද, එය කුමන වර්ගයේ ප්‍රතිබිම්බයක් ද?
O සිට දර්පණය වෙත එන කිරණ පරාවර්තනය වී නිරීක්ෂකයාගේ ඇස වෙත පැමිණේ. නිරීක්ෂකයාගේ ඇසට මෙම කිරණ පෙනෙන්නේ I නම් ලක්ෂ්‍යයේ සිට එන්නාක් මෙනි. එබැවින් O නම් වස්තුව Iහි තිබෙන්නාක් මෙන් නිරීක්ෂකයාට පෙනෙයි.
අතාත්ත්වික ප්‍රතිබිම්බය
සත්‍ය වශයෙන්ම ආලෝකය මෙම ප්‍රතිබිම්බයේ සිට නොපැමිණේ. ආලෝක කිරණ ප්‍රතිබිම්බය ඇති වන ස්ථානයේ නොමැති හෙයින් එම ප්‍රතිබිම්බය තිරයක් මත ලබා ගත නොහැකි ය. එම නිසා මෙම ප්‍රතිබිම්බය අතාත්ත්වික ප්‍රතිබිම්බයක් ලෙස හැඳින්වේ.
ප්‍රතිබිම්බයේ ලක්ෂණ
- තල දර්පණ ඉදිරියේ තබන ලද වස්තුවලින් සෑදෙන සෑම ප්‍රතිබිම්බයක් ම අතාත්ත්වික ය.
- දර්පණයේ සිට වස්තුවට ඇති දුර (වස්තු දුර), දර්පණයේ සිට ප්‍රතිබිම්බයට ඇති දුරට (ප්‍රතිබිම්බ දුරට) සමාන වේ.
- ප්‍රතිබිම්බය වස්තුව හා සර්වසම වන අතර උඩුකුරු ය.