පාර්ශ්වික අපවර්තනය
තල දර්පණවලින් සෑදෙන ප්‍රතිබිම්බ වස්තුව හා සර්වසම වේ. නමුත් ප්‍රතිබිම්බය පාර්ශ්වික ලෙස අපවර්තනය වේ. එනම් ප්‍රතිබිම්බය පෙනෙන්නේ පැති මාරු වී ය. මෙය පාර්ශ්වික අපවර්තනය යි.
රූපයක් එක් කළ යුතුය
AMBULANCE යන පදය ගිලන් රථයේ ඉදිරිපස ලියා තිබෙන්නේ නොපිටට (ƎƆNA⅃UBMA) ය. නමුත් වාහනයක් පිටුපස ගිලන් රථයක් යන විට ඉදිරිපස වාහනයේ රියැදුරාට ඔහු ඉදිරියේ තිබෙන තල දර්පණයෙන් AMBULANCE යන්න නියම අයුරින් පෙනේ.
වමට දකුණ මාරු වේ, උඩු යටිකුරු නොවේ
තල දර්පණයක ප්‍රතිබිම්බය උඩුකුරු ය, සමාන ප්‍රමාණයෙන් යුක්ත ය, වස්තුව ඉදිරියෙන් ඇති දුරට ම දර්පණය පිටුපස පිහිටයි — සහ පාර්ශ්වික ලෙස අපවර්තනය වේ.