ප්‍රතීක ක්‍රියා
ප්‍රතීක ක්‍රියා පාලනය වන ස්ථානය අනුව වර්ග කෙරේ.
සුෂුම්නා ප්‍රතීක
සුෂුම්නාව මගින් පාලනය වේ.
උණුසුම් වස්තුවකින් හෝ කටුවකින් අත ඉවතට ගැනීම.
දණහිස් ප්‍රතීකය.
කපාල ප්‍රතීක
මොළය මගින් පාලනය වේ.
ඇසට යමක් ළං වන විට ඇසිපිය හෙළීම.
දීප්තිමත් ආලෝකයේ දී කනීනිකාව කුඩා වීම; කිවිසීම, කැස්ස, කෙළ ස්‍රාවය.
උත්සාහ කරන්න — දණහිස් ප්‍රතීකය
එක් පාදයක් අනෙක මතින් ලිහිල්ව තබා වාඩි වන්න. සහකරුවකු අතේ පැත්තෙන් දණහිස් කටුවට මඳක් පහළින් තට්ටු කරයි. ඔබ තීරණය නොකළත් පාදයේ පහළ කොටස ඉදිරියට පනී.