Siyapath
ලියාපදිංචි වන්න

පාඩම: 5 පරිච්ඡේදය — ප්‍රකාශ විද්‍යාව

5.3. ආලෝකයේ වර්තනය 1 වන පිටුව (5)

නැමුණු පැන්සල

වතුර වීදුරුවක් තුළ පැන්සලක් තබා එය දෙස පැත්තෙන් බලන්න. එවිට පැන්සල කොටස් දෙකකට වෙන්වී ඇති ආකාරයක් ඔබට පෙනෙනු ඇත.

රූපයක් එක් කළ යුතුය

5.24 රූපය — වතුර වීදුරුවක් තුළ දැමූ පැන්සලක්, ජල පෘෂ්ඨයේ දී කැඩී ඇති ලෙස පෙනීම.

පැන්සලේ ජලය තුළ ඇති කොටසේ සිට ඇස වෙත එන ආලෝක කිරණ ජලය හරහා පැමිණ වාතයට ඇතුළු වී ඇස වෙත එයි. එසේ වාතයට ඇතුළු වීමේ දී ආලෝක කිරණවල දිශාව වෙනස් වෙයි. නමුත් ජලයෙන් ඉහළ කොටසේ සිට ඇස වෙත එන ආලෝක කිරණ වාතය හරහා ඇස වෙත එන නිසා එසේ දිශාව වෙනස් වීමක් සිදු නොවේ.

වර්තනය

ආලෝක කිරණ එක් මාධ්‍යයක සිට තවත් මාධ්‍යයකට ඇතුළු වීමේ දී නැමී ගමන් කිරීම ආලෝකයේ වර්තනය (refraction of light) නමින් හැඳින්වේ.