Siyapath
ලියාපදිංචි වන්න

පාඩම: 5 පරිච්ඡේදය — ප්‍රකාශ විද්‍යාව

ආලෝකයෙන් දැකීම 1 වන පිටුව (3)

දීප්ත හා අදීප්ත වස්තු

අඳුරේ දී අපට කිසිවක් දැකගත නොහැකි ය. ඊට හේතුව දෘෂ්ටික සංවේදනය ඇති වීම සඳහා ආලෝකය අවශ්‍ය වීම යි. අපට යම් වස්තුවක් පෙනෙන්නේ එහි සිට අපේ ඇස් වෙත ආලෝකය පැමිණෙන්නේ නම් පමණි.

දීප්ත වස්තු

ඉටිපන්දම් දැල්ලක් හෝ විදුලි බුබුළක් වැනි ආලෝකය නිකුත් කරන වස්තු දීප්ත වස්තු නම් වේ. අපට ඒවා පෙනෙන්නේ ඒවායේ සිට අපේ ඇස් වෙත ආලෝකය පැමිණෙන බැවිනි.

අදීප්ත වස්තු

ආලෝකය නිකුත් නොකරන වස්තු ය. ඒවා අපට පෙනෙන්නේ සූර්යයාගෙන් හෝ කෘත්‍රිම ආලෝක ප්‍රභවයකින් එන ආලෝකය ඒවා මත පතිත වී ඉන් පරාවර්තනය වී අපගේ ඇස් වෙත පැමිණීමෙනි.

රූපයක් එක් කළ යුතුය

5.1 රූපය — සූර්යයාගේ ආලෝකය සෘජුව ම ඇසට පැමිණීම, සහ හාවෙකු මත වැදී පරාවර්තනය වී ඇසට පැමිණීම.

අදීප්ත වස්තුවක් දැකිය හැක්කේ එය පරාවර්තනය කරන ආලෝකයෙන් පමණි. විදුලි එළිය නිවුණු විට ගෘහ භාණ්ඩ පිරුණු කාමරයක් හිස් ලෙස පෙනෙන්නේ එබැවිනි.