පාරදෘශ්‍ය, පාරභාසක හා පාරාන්ධ
ද්‍රව්‍ය තමා හරහා ආලෝකය ගමන් කිරීමට ඉඩ දෙන ප්‍රමාණයෙන් එකිනෙකට වෙනස් වේ.
පාරදෘශ්‍ය
ආලෝකය ඒවා තුළින් ගමන් කරන නිසා පිටුපස ඇති දේ පැහැදිලිව පෙනේ: අවර්ණ වීදුරු, පොලිතීන්.
පාරභාසක
ආලෝකය අවිධිමත් ලෙස දිශාව වෙනස් කරගනිමින් ගමන් කරන නිසා පිටුපස වස්තූන් පැහැදිලි ව හඳුනාගත නොහැකි ය: ටිෂූ කඩදාසි, තෙල් කඩදාසි.
පාරාන්ධ
ආලෝකය කිසිසේත් ගමන් නොකරයි: ගලක්, ගඩොලක්.