Siyapath
ලියාපදිංචි වන්න

පාඩම: 11 පරිච්ඡේදය — ඉලෙක්ට්‍රොනික විද්‍යාව

11.1. අර්ධ සන්නායක 1 වන පිටුව (3)

සන්නායක, පරිවාරක හා අර්ධ සන්නායක

ඉලෙක්ට්‍රොනික විද්‍යාව එදිනෙදා ජීවිතය කෙරෙහි විශාල බලපෑමක් ඇති කර ඇත. ජංගම දුරකථන, පරිගණක, රූපවාහිනී යන්ත්‍ර, ගුවන් විදුලි යන්ත්‍ර ඉලෙක්ට්‍රොනික උපකරණ සඳහා නිදසුන් කිහිපයකි.

රූපයක් එක් කළ යුතුය

රූපය — ලැප්ටොප්, ටැබ්ලට් හා දුරකථනයක්, රූපවාහිනියක් සහ ගුවන් විදුලි යන්ත්‍රයක්.

සන්නායක

විද්‍යුතය සන්නයනය කරයි: ලෝහ (තඹ, ඇලුමිනියම්, යකඩ, ඊයම්) සහ මිශ්‍ර ලෝහ (පිත්තල, නික්‍රෝම්, මැන්ගනීන්).

ලෝහවල පරමාණුවල බාහිර කවචවල ඇති ඉලෙක්ට්‍රෝන පරමාණුවේ න්‍යෂ්ටියට තදින් බැඳී නොපවතින හෙයින් නිදහසේ හැසිරෙයි.

පරිවාරක

විදුලිය සන්නයනය නොකරයි: එබනයිට්, පොලිතීන්, ප්ලාස්ටික්, වියළි ලී, ඇස්බැස්ටස්, වීදුරු.

පරමාණු අතර ඇති බන්ධන (සහසංයුජ) ප්‍රබල වීම හේතු කොටගෙන නිදහසේ හැසිරිය හැකි ඉලෙක්ට්‍රෝන ඇත්තේ ඉතාම අල්ප ප්‍රමාණයකි.

අර්ධ සන්නායක

සමහර ද්‍රව්‍ය විදුලිය සුළු ප්‍රමාණයක් සන්නයනය කරයි. එවැනි ද්‍රව්‍ය අර්ධ සන්නායක (Semiconductors) ලෙස හඳුන්වනු ලැබේ. ස්ඵටික ආකාරයෙන් පවතින සිලිකන් (Si), ජර්මේනියම් (Ge) වැනි ද්‍රව්‍ය මෙවැනි ගුණ දක්වයි. මේවා ආවර්තිතා වගුවේ හතර වන කාණ්ඩයට අයත් වන අතර පරමාණුවේ බාහිර කවචයේ ඉලෙක්ට්‍රෝන හතරක් ඇති මූලද්‍රව්‍ය වේ. එවැනි ද්‍රව්‍යවල ස්ඵටික සෑදෙන්නේ එක් එක් පරමාණුව තමා වටා ඇති අනෙක් පරමාණු හතරක් සමඟ ඉලෙක්ට්‍රෝන පොදුවේ තබා ගනිමින් තම බාහිර කවචයේ ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව අටක් කොටගෙන ස්ථායි සහසංයුජ බන්ධන සෑදීමෙනි.

නමුත් මෙම බන්ධන, අනෙකුත් පරිවාරක ද්‍රව්‍යවල එවැනි බන්ධනවලට සාපේක්ෂව දුර්වල ඒවා හෙයින් කාමර උෂ්ණත්වයේ දී පවා තාපය ලෙස ලැබෙන ශක්තියෙන් සමහර බන්ධන බිඳී ඉලෙක්ට්‍රෝන නිදහස් වේ.