සුමටනය
අර්ධ තරංග හෝ පූර්ණ තරංග සෘජුකාරක පරිපථයකින් ලැබෙන්නේ එක් දිශාවකට පමණක් ගලන ධාරාවකි. නමුත් එහි අගය (විභව අන්තරය හෝ ධාරාව) ශූන්‍යයත් උපරිමයත් අතර විචලනය වන එකකි. බොහෝ ඉලෙක්ට්‍රොනික උපකරණ ක්‍රියා කරවීම සඳහා සුදුසු වන්නේ බැටරියකින් ලැබෙන ආකාරයේ නියත වෝල්ටීයතාවයක් හෝ නියත සරල ධාරාවකි.
සුමටනය
සෘජුකාරක පරිපථයකින් ලැබෙන විභව අන්තරයේ හෝ ධාරාවේ විචලනය, ප්‍රතිදානයේ අග්‍රවලට, සමාන්තරගත ව විශාල ධාරිතාවක් ඇති ධාරිත්‍රකයක් සවි කිරීමෙන් අඩු කළ හැකි ය. මෙම ක්‍රියාව සුමටනය ලෙස හඳුන්වනු ලැබේ. ඩයෝඩයෙන් සැපයෙන වෝල්ටීයතාව ශූන්‍යයේ සිට ක්‍රමයෙන් වැඩි වන විට ධාරිත්‍රකය ආරෝපණය වේ. වෝල්ටීයතාව උපරිම අගයට ළඟා වීමෙන් පසු නැවත අඩු වන විට ධාරිත්‍රකයේ ගබඩා වූ ආරෝපණ මුදා හැරේ. එම නිසා ඩයෝඩයෙන් සැපයෙන වෝල්ටීයතාව ශූන්‍ය වුව ද ධාරිත්‍රකය හරහා විභව අන්තරය යම් ප්‍රමාණයකට අඩු වන නමුත් එය ශූන්‍ය නොවේ. එසේම ඩයෝඩය හරහා ධාරාව ගමන් කරන්නේ එක් දිශාවකට පමණක් බැවින් ධාරිත්‍රකයෙන් විසර්ජනය වන ආරෝපණ ඩයෝඩය හරහා ගමන් නොකරයි.
රූපයක් එක් කළ යුතුය
අර්ධ තරංග, සුමටනය සහිත
ධාරිත්‍රකයට විසර්ජනය වීමට සම්පූර්ණ චක්‍රයක් ඇති බැවින් විචලනය විශාල ය.
පූර්ණ තරංග, සුමටනය සහිත
සෑම අර්ධ චක්‍රයකදීම නැවත ආරෝපණය වන බැවින් ප්‍රතිදානය තවත් සුමට ය.
| t (cycles) | 0.25 | 1.25 |
|---|---|---|
| V | 1 | 1 |
| t (cycles) | 0.25 | 0.75 | 1.25 | 1.75 |
|---|---|---|---|---|
| V | 1 | 1 | 1 | 1 |
එක් එක් ප්‍රස්තාරයේ ඝන රේඛාව සුමටනය කළ ප්‍රතිදානය ද කඩ ඉරි රේඛාව සුමටනය නොකළ ස්පන්ද ද වේ. සුමටනය සඳහා 1000 µF, 2000 µF වැනි විශාල ධාරිතාවක් ඇති ධාරිත්‍රකයක් භාවිත කරනු ලැබේ. ධාරිතාව විශාල වූ විට සුමටනය වීම ද වැඩි වේ.