අග්ර මාරුකර සැපයීමෙන් ආරක්ෂා කර ගැනීම
සරල ධාරා ඉලෙක්ට්රොනික උපකරණයකට + හා − අග්ර මාරුකොට විදුලිය සැපයුවහොත් සිදුවන හානිය වැළැක්වීම සඳහා සෘජුකාරක ඩයෝඩයක් භාවිත කළ හැකි ය.
රූපයක් එක් කළ යුතුය
නිවැරදිව සවි කළ බැටරිය
ඩයෝඩය පෙර නැඹුරු වන අතර උපකරණය ක්රියා කරයි.
අග්ර වැරදියට සවි කළ බැටරිය
ඩයෝඩය පසු නැඹුරු වන හෙයින් උපකරණය තුළට ධාරාව ගලා නොයයි. එබැවින් උපකරණයට හානි නොවේ.
ඕනෑම දිශාවකට
සේතු සෘජුකාරක පරිපථයක් භාවිත කොට බැටරි කුමන ආකාරයට සවි කළ ද ඉලෙක්ට්රොනික උපකරණයට නිවැරදි ව විදුලිය සැපයීමට හැකි පරිපථයක් නිර්මාණය කරන්න.
බැටරිය හා උපකරණය අතර සේතුව යොදන්න: 11.12 රූපයේ LED ය බැටරියේ සම්බන්ධතා දෙකටම දැල්වුණා සේ, සේතුවේ ප්රතිදානය සැම විට ම එකම දිශාවට ලැබේ.