තිරසාර කෘෂිකාර්මික භාවිත
කෘෂිකාර්මික භාවිත කිහිපයක් ආහාර නිපදවන අතරම පරිසරය ආරක්ෂා කරයි.
ඒක වගාව වෙනුවට බහු වගාව
මහා පරිමාණයෙන් තනි බෝග වගා කිරීම වෙනුවට ස්වාභාවික පරිසරයේ ඇති විවිධත්වය අනුකරණය කරමින් එකම භූමියක් තුළ වෙනස් බෝග වර්ග වගා කිරීම, බහු බෝග වගාවයි. මෙහි දී වගාවට රෝග පැතිරී විනාශ වී යෑමේ අවදානම අඩු වීම හා ප්‍රතිරෝධී පළිබෝධ ඇති වීම අඩු කරයි.
රූපයක් එක් කළ යුතුය
ජෛව පළිබෝධ පාලනය
පළිබෝධයින් විනාශ කිරීම සඳහා වගාවට හානි නොකරන වෙනත් ශාකයක්, සත්ත්වයෙක් හෝ ක්ෂුද්‍ර ජීවියකු යොදාගැනීම ජෛව පළිබෝධ පාලනයයි. නිදසුනක් ලෙස, පොල් වගාවේ ප්‍රධාන පළිබෝධකයකු වූ පොල් පත්‍ර කනින්නා (Promecotheca cumingii) කීට පරපෝෂිතයකු (Dimokia javanica) මගින් සාර්ථකව මර්දනය කිරීම.
කාබනික පොහොර භාවිතය
ශාක හා සත්ත්ව කොටස්වල ඇති සංකීර්ණ කාබනික සංයෝග සරල සංයෝග බවට පත් කර සාදන ද්‍රව්‍ය පොහොර ලෙස භාවිත කිරීම පරිසරයට හිතකාමී වේ. කාබනික පොහොර, වියෝජනය වූ ස්වාභාවික සත්ත්ව හා ශාක ද්‍රව්‍ය වන අතර එමගින් පාංශු ව්‍යුහය හා සවිවර බව දියුණු කර පාංශු ජීවී ක්‍රියාවලි වේගවත් කරයි.
පැවරුම 15.9
ඉහත සඳහන් කළ කෘෂිකාර්මික භාවිත නිසා පරිසරයට සිදුවන යහපත පිළිබඳ කතිකාවතක් ගොඩනගන්න.
පරිසර සමතුලිතතාව සඳහා නැවත වන වගා කිරීම
මිනිසා තමාට අවශ්‍ය ආකාරයට පරිසරය වෙනස් කිරීමේ ප්‍රතිඵලයක් ලෙස වනාන්තර වැස්ම ටිකෙන් ටික අඩු වීම සිදුවිය. විශේෂයෙන් වී ගොවිතැන, එළවළු ගොවිතැන, තේ වගාව, රබර් වගාව හා මහා පරිමාණ සංවර්ධන ව්‍යාපෘති වැනි කටයුතු මීට ප්‍රධාන වශයෙන් හේතු විය. ස්වාභාවික වනාන්තර වැස්ම අඩු වීම නිසා ඇති වී ඇති අහිතකර බලපෑම් වර්තමානයේ අපි අත් විඳිමින් සිටිමු. මේ නිසා නැති වී ගිය පරිසර සමතුලිතතාව යළි ඇති කර ගැනීම සඳහා සුදුසු ප්‍රදේශවල වන වගාව නැවත සිදු කිරීම අත්‍යවශ්‍ය වේ.
රූපයක් එක් කළ යුතුය
විවිධත්වය ගොවිපොළක් ආරක්ෂා කරන්නේ ඇයි
එක් බෝගයක කෙතක් එය කන පළිබෝධකයාට භෝජන සංග්‍රහයකි: පළිබෝධකයාට බාධාවකින් තොරව ශාකයෙන් ශාකයට පැතිරිය හැකි අතර ගොවීන් වැඩි ඉසීමකින් පිළිතුරු දෙයි; එය ප්‍රතිරෝධී පළිබෝධකයින් බෝ කරයි. ආහාර ජාලයක් තනි දාමයකට වඩා ශක්තිමත් වන්නාක් මෙන් බෝග මිශ්‍ර කිරීම එම භෝජන සංග්‍රහය බිඳ දමයි. ජෛව පාලනය පළිබෝධකයාගේ ම සතුරා භාවිත කරන අතර එය රසායන නොමැතිව දිගටම ක්‍රියා කරයි. කාබනික පොහොර නයිට්‍රජන් චක්‍රයේ වියෝජකයින් මෙන් පෝෂක ආපසු ලබා දෙන අතර සුපෝෂණයට හේතු වන ගලා යාමක් ඇති නොකරයි.
ස්වභාවධර්මය සමඟ ගොවිතැන
බහු බෝග වගාව, ජෛව පළිබෝධ පාලනය, කාබනික පොහොර හා නැවත වන වගාව ආහාර නිෂ්පාදනයට හා පාරිසරික සමතුලිතතාවට එකට සහාය වේ.