Siyapath
ලියාපදිංචි වන්න

පාඩම: 9 පරිච්ඡේදය — තාපය

උෂ්ණත්ව පරිමාණ 1 වන පිටුව (3)

සෙල්සියස් හා ෆැරන්හයිට් පරිමාණ

උෂ්ණත්වය මැනීම සඳහා බහුල ව භාවිත වන උෂ්ණත්ව පරිමාණ තුනක් ඇත. ඒවා නම්, සෙල්සියස් පරිමාණය, ෆැරන්හයිට් පරිමාණය සහ කෙල්වින් පරිමාණය යි.

අචල ලක්ෂ්‍ය

උෂ්ණත්ව පරිමාණයක් සකස් කර ගැනීම සඳහා භාවිත කරන වෙනස් නොවන උෂ්ණත්ව අචල ලක්ෂ්‍ය (fixed points) ලෙස හැඳින්වේ.

මෙම උෂ්ණත්ව දෙක තෝරා ගෙන ඇත්තේ ඒවා පහසුවෙන් ලබා ගත හැකි උෂ්ණත්ව දෙකක් වීමත්, පීඩනය අනුව සිදු වන වෙනස් වීම හැරෙන්නට ඒවා වෙනස් නොවන උෂ්ණත්ව වීමත් නිසාය.

පරිමාණය අයිස් ද්‍රව වීම ජලය හුමාලය බවට පත්වීම අතර කොටස්
සෙල්සියස් 0 °C 100 °C 100
ෆැරන්හයිට් 32 °F 212 °F 180