උෂ්ණත්වය යනු කුමක් ද
දිනපතා රූපවාහිනී මාධ්‍ය ඔස්සේ විකාශය වන දෛනික කාලගුණික දත්ත ඔබ ශ්‍රවණය කර ඇත. එහි දී දිනයේ අඩු ම උෂ්ණත්වය නුවරඑළියෙන් වාර්තා වූ බවත්, ඉහළ ම උෂ්ණත්වය ත්‍රිකුණාමලයෙන් වාර්තා වූ බවත් කියැවුණු අවස්ථා ද ඔබ බොහෝවිට ශ්‍රවණය කර ඇත.
හොඳින් ඉර පායා ඇති උණුසුම් දිනවල සේදූ රෙදි ඉක්මනින් වියළුණු අන්දමත් වැසි සහිත දිනවල සේදූ රෙදි වියළා ගැනීමට අපහසු වුන බවත් ඔබ අත් දැක ඇත. අයිස්ක්‍රීම් කෑමේ දී සිසිලක් ද උණු තේ කෝප්පයක් පානය කිරීමේ දී උණුසුමක් ද දැනේ. ඉහත සෑම අවස්ථාවකට ම පාදක වූ භෞතික විද්‍යාත්මක රාශිය උෂ්ණත්වය යි.
රූපයක් එක් කළ යුතුය
ඕනෑම පදාර්ථයක ය වස්තුවක සතු වන මූලික ගුණයක් ලෙස උෂ්ණත්වය දැක්විය හැකි ය. අයිස් කැටයකට ඇත්තේ ඉතා අඩු උෂ්ණත්වයකි. රත්වූ ජලයේ උෂ්ණත්වය සිසිල් ජලයේ උෂ්ණත්වයට වඩා වැඩි ය. අපගේ ශරීරයට ද උෂ්ණත්වයක් ඇත. එබැවින් විවිධ වස්තු ස්පර්ශ කර බලා එම වස්තුවල උෂ්ණත්වය ශරීරයේ උෂ්ණත්වයට වඩා වැඩි ද නැතහොත් අඩු ද යන්න කිව හැකි ය.
උෂ්ණත්වය
උෂ්ණත්වය යනු වස්තුවක් නිර්මාණය වී ඇති අංශුවල පවතින මධ්‍යන්‍ය චාලක ශක්තිය පිළිබඳ මිනුමකි.