ද්විත්ව රුධිර සංසරණය
දේහය වටා එක් සම්පූර්ණ වටයක දී රුධිරය හෘදය හරහා දෙවරක් ගමන් කරයි. මෙය ද්විත්ව රුධිර සංසරණය යි.
පුප්ඵුසීය සංසරණය
දකුණු කෝෂිකාව → පෙනහැලි → වම් කර්ණිකාව
රුධිරය ඔක්සිජන් ලබාගෙන කාබන් ඩයොක්සයිඩ් ඉවත් කරයි.
දෛහික සංසරණය
වම් කෝෂිකාව → දේහය → දකුණු කර්ණිකාව
රුධිරය සෛලවලට ඔක්සිජන් හා ආහාර ලබා දී අපද්‍රව්‍ය රැගෙන එයි.
රූපයක් එක් කළ යුතුය
හෘදයේ දෙපස වෙන් වී ඇති බැවින් ඔක්සිජන් බහුල හා ඔක්සිජන් ඌන රුධිරය කිසිදා මිශ්‍ර නොවන අතර දේහයට අධික පීඩනයකින් රුධිරය ලැබේ.