මධ්‍ය ස්නායු පද්ධතිය
ස්නායු පද්ධතිය කොටස් දෙකකින් යුක්ත ය: මධ්‍ය ස්නායු පද්ධතිය (මොළය හා සුෂුම්නාව) සහ පර්යන්ත ස්නායු පද්ධතිය (ස්නායු).
| කොටස | සමන්විත වන්නේ |
|---|---|
| මධ්‍ය ස්නායු පද්ධතිය | මොළය හා සුෂුම්නාව |
| පර්යන්ත ස්නායු පද්ධතිය | මොළයෙන් නික්මෙන කපාල ස්නායු යුගල 12 හා සුෂුම්නාවෙන් නික්මෙන සුෂුම්නා ස්නායු යුගල 31 |
මොළය හා සුෂුම්නාව ආරක්ෂා වී ඇති ආකාරය
අස්ථි
කපාලය මොළය ද කශේරුකාව සුෂුම්නාව ද වට කරයි.
මස්තිෂ්ක ආවරණ
පටල තුනක් මොළය හා සුෂුම්නාව වට කරයි.
මස්තිෂ්ක සුෂුම්නා තරලය
මස්තිෂ්ක ආවරණ අතර හා මොළය තුළ අවකාශ පුරවයි.
මස්තිෂ්ක සුෂුම්නා තරලයේ කෘත්‍ය
- ගැටීම්වලින් මොළය ආරක්ෂා කරයි.
- ස්නායු සෛලවලට ආහාර හා ඔක්සිජන් සපයයි.
- ඒවායේ අපද්‍රව්‍ය ඉවත් කරයි.