මොළය
මොළයේ බර දේහ බරෙන් 1/50ක් පමණ වුවත් එය මුළු දේහය ම පාලනය කරයි.
රූපයක් එක් කළ යුතුය
මහා මොළය
විශාල ම කොටස: සිතීම, මතකය, බුද්ධිය, සංවේදන හා ඓච්ඡික චලන.
අනුමස්තිෂ්කය
සමබරතාව හා පේශි චලන සුමටව සමායෝජනය කිරීම.
සුෂුම්නා ශීර්ෂකය
අනෛච්ඡික ක්‍රියා: හෘත් ස්පන්දනය, ශ්වසනය, රුධිර පීඩනය, ගිලීම, කැස්ස හා කිවිසීම.
මොළයේ පාදයේ පිහිටි හයිපොතැලමසය දේහ උෂ්ණත්වය, පිපාසය හා කුසගින්න පාලනය කරන අතර ස්නායු පද්ධතිය හා හෝර්මෝන සම්බන්ධ කරයි.