Siyapath
ලියාපදිංචි වන්න

පාඩම: 6 පරිච්ඡේදය — මානව දේහ ක්‍රියාවලි

6.5. සමායෝජනය හා ස්නායු පද්ධතිය 5 වන පිටුව (5)

සුෂුම්නාව

සුෂුම්නාව සුෂුම්නා ශීර්ෂකයේ සිට කශේරුකාව තුළින් පහළට විහිදේ.

රූපයක් එක් කළ යුතුය

රූපය — සුෂුම්නාවේ හරස්කඩක්: මැද සමනල හැඩැති අළු ද්‍රව්‍යය, එය වට කළ සුදු ද්‍රව්‍යය, සහ දෙපසින් සම්බන්ධ වන සුෂුම්නා ස්නායු.

සුදු ද්‍රව්‍යය — පිටතින්

මොළය වෙත හා මොළයේ සිට ආවේග ගෙන යන ස්නායු තන්තු.

අළු ද්‍රව්‍යය — ඇතුළතින්

ආවේග සම්ප්‍රේෂණය වන නියුරෝන සෛල දේහ.

මොළයේ මෙය ප්‍රතිවිරුද්ධ ය: අළු ද්‍රව්‍යය පිටතින් හා සුදු ද්‍රව්‍යය ඇතුළතින්.

සුෂුම්නාවේ කෘත්‍ය

  • දේහය හා මොළය අතර ආවේග ගෙන යයි.
  • සුෂුම්නා ප්‍රතීක ක්‍රියා පාලනය කරයි.