Siyapath
ලියාපදිංචි වන්න

පාඩම: 6 පරිච්ඡේදය — මානව දේහ ක්‍රියාවලි

ක්ෂුද්‍රාන්ත්‍රයේ දී සිදුවන ආහාර ජීරණය 1 වන පිටුව (3)

අග්න්‍යාශයික යුෂය හා පිත

ආහාර ජීරණය ප්‍රධාන වශයෙන් ම සිදුවනුයේ ක්ෂුද්‍රාන්ත්‍රයේ දී ය. ක්ෂුද්‍රාන්ත්‍රය මීටර හතක් පමණ දිග නාලාකාර ව්‍යුහයකි. ක්ෂුද්‍රාන්ත්‍රයේ මුල් කොටස ග්‍රහණිය වන අතර එය C හැඩයක් ගනී. අග්න්‍යාශයික ප්‍රනාලය හා පිත්ත ප්‍රනාලය එක ම විවරයකින් ග්‍රහණියට විවෘත වෙයි.

අග්න්‍යාශයික යුෂය

අග්න්‍යාශයික ප්‍රනාලය මගින් ගෙන එයි. එහි ට්‍රිප්සින්, ඇමයිලේස් හා ලයිපේස් නැමැති ජීරණ එන්සයිම අඩංගු වේ.

පිත

පිත අක්මාවේ නිපදවෙන අතර පිත්තාශයේ ගබඩා කෙරේ. පිත් වර්ණක, පිත් ලවණ, බයිකාබනේට් ලවණ හා ජලය ආදිය පිතෙහි අඩංගු වේ.

තෛලෝදකරණය

ග්‍රහණියේ දී ආහාරයට එකතු වූ පිත සමග ආහාර මිශ්‍ර වීමෙන් ආහාරයේ ඇති ලිපිඩ, බිඳිති බවට පත් වේ. මෙය තෛලෝදකරණය ලෙස හැඳින්වේ. මේ නිසා එන්සයිමයට ලිපිඩ මත ක්‍රියා කිරීමට වැඩි පෘෂ්ඨීය වර්ගඵලයක් ලැබේ.

පිත එන්සයිමයක් නොවේ

පිත කිසිදු රසායනික බන්ධනයක් බිඳ නොදමයි. එය මේදය බිඳිතිවලට බෙදීම පමණක් කරයි — එය භෞතික වෙනසකි; රසායනික ජීරණය කරන්නේ ලයිපේස් එන්සයිමයයි.