පොට ගණන හා වෝල්ටීයතාව
13.26 රූපයේ දැක්වෙන්නේ පරිණාමකයක සරල ආකාරයකි. මෙහි මෘදු යකඩ වළල්ලක පරිවරණය කරන ලද තඹ කම්බි දඟර දෙකක් ඔතා ඇත.
රූපයක් එක් කළ යුතුය
| ප්‍රාථමික දඟරය | ද්විතීයික දඟරය | |
|---|---|---|
| පොට ගණන | NP | NS |
| විද්‍යුත්ගාමක බලය | VP | ප්‍රේරිත VS |
සාමාන්‍යයෙන් පරිණාමකයක එක් දඟරයකට ප්‍රත්‍යාවර්තක ප්‍රභවයක් සම්බන්ධ කෙරෙන අතර දෙවන දඟරය භාරයකට (ප්‍රතිරෝධකයක් හෝ ප්‍රත්‍යාවර්තක විදුලියෙන් ක්‍රියාකරන උපකරණයක්) සම්බන්ධ කරනු ලැබේ. පරිණාමකයට විද්‍යුත් ශක්තිය සපයන පළමු දඟරය ප්‍රාථමික දඟරය හෙවත් ප්‍රදානය ලෙස හඳුන්වනු ලැබේ. ශක්තිය පිටතට ලබාගන්නා දඟරය ද්විතීයික දඟරය හෙවත් ප්‍රතිදානය ලෙස හඳුන්වනු ලැබේ. ප්‍රාථමික දඟරයට සපයන ප්‍රත්‍යාවර්තක විභවය VP ලෙස ද ද්විතීයිකයෙන් පිටතට ලැබෙන විභවය VS ලෙස ද හඳුන්වමු.
ප්‍රාථමිකයේ යොදවා ඇති VP ප්‍රත්‍යාවර්තක විභවය මගින් ප්‍රාථමික දඟරය තුළ ප්‍රත්‍යාවර්තක ධාරාවක් ගලායන අතර ඒ හේතුවෙන් ප්‍රත්‍යාවර්තක චුම්බක ක්ෂේත්‍රයක් හටගනී. මෙම චුම්බක ක්ෂේත්‍රය මෘදු යකඩ හරය මගින් ද්විතීයික දඟරයට යොමු කෙරෙන අතර මෙම විචලනය වන චුම්බක ක්ෂේත්‍රය මගින් ද්විතීයික දඟරයේ VS ප්‍රත්‍යාවර්ත විභව අන්තරයක් ප්‍රේරණය වේ.
පොට ගණන හා වෝල්ටීයතාව
NP / NS = VP / VS
ප්‍රාථමිකයේ පොට සංඛ්‍යාව ÷ ද්විතීයිකයේ පොට සංඛ්‍යාව = ප්‍රාථමිකයේ විභව අන්තරය ÷ ද්විතීයිකයේ විභව අන්තරය
මේ අනුව ප්‍රාථමිකයේ පොට සංඛ්‍යාව NP හා ද්විතීයිකයේ පොට සංඛ්‍යාව NS අතර අනුපාතය වෙනස් කිරීම මගින් ප්‍රාථමිකයේ ඇති ප්‍රත්‍යාවර්තක විභව අන්තරය ද්විතීයිකයේ දී අඩු හෝ වැඩි කරගත හැකි ය.
පොට ගණන වෝල්ටීයතාව තීරණය කරන්නේ ඇයි
හරය මත ඇති සෑම කම්බි වටයක් ම එකම වෙනස් වන ක්ෂේත්‍රයේ ඇති බැවින් එය කුමන දඟරයට අයත් වුව ද සෑම වටයකම එකම කුඩා විද්‍යුත්ගාමක බලයක් ප්‍රේරණය වේ. දඟරයක වට ශ්‍රේණිගත කෝෂ මෙන් එකතු වේ. එබැවින් ප්‍රාථමිකයේ වට මෙන් දස ගුණයක් ඇති ද්විතීයිකයක් දස ගුණයක් වෝල්ටීයතාවක් දෙයි; දහයෙන් එකක් ඇති එකක් දහයෙන් එකක් දෙයි. පොට නීතිය එපමණ ය; පරිණාමක ප්‍රශ්න අනුපාතයකට සීමා වන්නේ එබැවිනි.
වෝල්ටීයතා අනුපාතය පොට අනුපාතයට සමාන ය
NP/NS = VP/VS: ද්විතීයිකයේ වැඩි වට, වැඩි වෝල්ටීයතාවක් පිටතට.