npn හා pnp ට්‍රාන්සිස්ටර
ඉලෙක්ට්‍රොනික විද්‍යාවේ විශාල දියුණුවකට හේතු වූ ට්‍රාන්සිස්ටරය p - n සන්ධි දෙකක් මගින් නිර්මාණය කරන ලද්දකි. මේ සඳහා p සහ n වර්ගවලට අයත් අර්ධ සන්නායක ප්‍රදේශ තුනක් එකිනෙකට යාබදව ඇති කළ යුතු ය. p - n සන්ධි දෙකක් සෑදීමට අර්ධ සන්නායක ප්‍රදේශ තුනක් ඇති කළ හැකි ආකාර ඇත්තේ දෙකක් පමණි. මේවා pnp ට්‍රාන්සිස්ටර සහ npn ට්‍රාන්සිස්ටර ලෙස හඳුන්වනු ලැබේ.
රූපයක් එක් කළ යුතුය
විමෝචකය (E)
වාහක විමෝචනය කරන කෙළවර ප්‍රදේශය.
පාදම (B)
විමෝචකයේ සිට සංග්‍රාහකයට ගමන් කරන වාහක පාලනය කරන මැද ප්‍රදේශය.
සංග්‍රාහකය (C)
එම වාහක සංග්‍රහනය කරන අනෙක් කෙළවර ප්‍රදේශය.
රූපයක් එක් කළ යුතුය
pnp
වාහක කුහර (+ ආරෝපණයකට අනුරූප) ය.
ධාරාව විමෝචකයේ සිට සංග්‍රාහකයට ගලයි: ඊ හිස ඇතුළට.
npn
වාහක ඉලෙක්ට්‍රෝන ය.
ධාරාව සංග්‍රාහකයේ සිට විමෝචකයට ගලයි: ඊ හිස පිටතට.
සැම විටම විමෝචකයේ සිට සංග්‍රාහකයට වාහක ගලයි; ඊ හිස විමෝචකය හඳුනා ගැනීමට යොදන අතර ධාරාව ගලන දිශාව දක්වයි.