Siyapath
ලියාපදිංචි වන්න

පාඩම: 11 පරිච්ඡේදය — ඉලෙක්ට්‍රොනික විද්‍යාව

11.5. ට්‍රාන්සිස්ටරය 2 වන පිටුව (2)

ට්‍රාන්සිස්ටරය නැඹුරු කිරීම

ඕනෑම ට්‍රාන්සිස්ටරයක් පරිපථයක භාවිත කරන විට එහි අග්‍රවලට නිවැරදි ලෙස විභවයන් ලබා දිය යුතු ය. මෙය ට්‍රාන්සිස්ටරය නැඹුරු කිරීම ලෙස හඳුන්වනු ලැබේ.

නැඹුරු කිරීම

ට්‍රාන්සිස්ටරය වෝල්ටීයතා හෝ ධාරා වර්ධකයක් ලෙස භාවිත කරන විට විමෝචක - පාදම සන්ධිය පෙර නැඹුරු විය යුතු අතර වැඩි විභවයකින් පාදම - සංග්‍රාහක සන්ධිය පසු නැඹුරු කළ යුතු ය. npn ට්‍රාන්සිස්ටරයක C, ධන (+) අග්‍රයටත් E, ඍණ (−) අග්‍රයටත් සම්බන්ධ කළ යුතු ය. සෑමවිටම B අග්‍රයට සැපයිය යුත්තේ ට්‍රාන්සිස්ටරයේ C අග්‍රයට සපයන දිශාවට ම වූ විභව අන්තරයක් වන අතර එහි විශාලත්වය C අග්‍රයට සපයන ප්‍රමාණයට වඩා අඩු විය යුතුය.

pnp ට්‍රාන්සිස්ටරයක E, ධන (+) අග්‍රයටත් C, ඍණ (−) අග්‍රයටත් සම්බන්ධ කළ යුතු ය.

සාමාන්‍ය පෙළ විෂය නිර්දේශයේ සියලු ඉලෙක්ට්‍රොනික පරිපථවල දී අප සලකා බලන්නේ npn ට්‍රාන්සිස්ටර ගැන පමණි.

අග්‍ර හඳුනා ගැනීම

ට්‍රාන්සිස්ටරවල අග්‍ර බාහිර ව හැඳින ගැනීමට පොදු සම්මත ක්‍රමයක් නැත. මෙම ට්‍රාන්සිස්ටර වර්ග එකිනෙකින් වෙන්කොට හැඳිනගැනීමට අංකනය කොට තිබේ. උදා:- 2SC828 (C828), 2SD400 (D400), 2SC1061 (C1061), 2SD313 (D313). දත්ත පොත්වල අග්‍ර දක්වා ඇත්තේ අග්‍රයන් අප දෙසට අල්වා බලන විට පාදයේ අග්‍ර සවි වී ඇති ආකාරයයි. (මේවා සියල්ල npn, සිලිකන් ට්‍රාන්සිස්ටර වේ).

රූපයක් එක් කළ යුතුය

2SC828, 2SD400, 2SD313 හා 2SC1061 අග්‍ර සැකැස්ම.