මාධ්‍යයක් සහිත හා රහිත තරංග
ජල තරංග ගමන් කරන්නේ ජලය හරහා ය; කඹයක තරංග ගමන් කරන්නේ කඹය හරහා ය. තරංගයක් ගමන් කරන ද්‍රව්‍යය එහි මාධ්‍යය යි.
ද්‍රව්‍යමය මාධ්‍යයක තරංග
මාධ්‍යයේ අංශු තරංගය සමඟ ගමන් නොකරයි. එක් අංශුවක සිට ඊළඟ අංශුවට ලැබෙන චලිතය මගින් ශක්තිය තරංග ලෙස මාධ්‍යය හරහා සම්ප්‍රේෂණය වේ. තවත් නොයෙකුත් මාධ්‍ය හරහා ද තරංග සම්ප්‍රේෂණය වේ.
අපට නොයෙකුත් ශබ්ද ඇසෙන්නේ වාතය හරහා ගමන් කරන ධ්වනි තරංග මගිනි. ධ්වනිය වාතය හරහා පමණක් නොව ද්‍රව හා ඝන මාධ්‍ය හරහා ද ගමන් කරයි.
ද්‍රව්‍යමය මාධ්‍යයක් නැති තරංග
සමහර තරංග ගමන් කිරීමට ද්‍රව්‍යමය මාධ්‍යයක් අවශ්‍ය නොවේ. ආලෝකය එවැනි තරංගයකි. සූර්යයා හා පොළොව අතර වාතය වැනි ද්‍රව්‍යමය මාධ්‍යයක් නැති ප්‍රදේශයක් පිහිටියත් සූර්යයාගෙන් ආලෝකය හා තාපය අපට ලැබේ. ඒවා ගමන් කරන්නේ මාධ්‍යයක් අවශ්‍ය නොවන විද්‍යුත් චුම්බක තරංග ලෙස ය.
ගුවන් විදුලි තරංග ද විද්‍යුත් චුම්බක තරංග වේ. ගුවන් විදුලි මධ්‍යස්ථානයකින් විකාශනය කරන වැඩසටහන් ඔබේ නිවසේ ගුවන් විදුලි යන්ත්‍රයට වාතය හරහා පැමිණියත්, ගුවන් විදුලි තරංග සම්ප්‍රේෂණයට වාතය අවශ්‍ය නොවේ.
ද්‍රව්‍යමය මාධ්‍යයක් අවශ්‍ය යි
ජල තරංග, කඹයක තරංග, ධ්වනි තරංග.
මාධ්‍යයක් අවශ්‍ය නැත
ආලෝකය, හිරුගෙන් එන තාපය, ගුවන් විදුලි තරංග — සියල්ල විද්‍යුත් චුම්බක ය.