Siyapath
ලියාපදිංචි වන්න

පාඩම: 1 පරිච්ඡේදය — ජීවයේ රසායනික පදනම

1.1. කාබොහයිඩ්‍රේට (Carbohydrates) 15 වන පිටුව (15)

15 වන ප්‍රශ්නය

ග්ලූකෝස් ද්‍රාවණයකට හා සුක්‍රෝස් ද්‍රාවණයකට බෙනඩික්ට් ද්‍රාවණය එකතු කර රත් කළ විට ඇති වෙනස කුමක්ද?

නිවැරදි පිළිතුර ඉහත ලකුණු කර ඇත.

ග්ලූකෝස් වහාම වර්ණ විපර්යාසය පෙන්වයි: නිල් → කොළ → කොළ කහ → තැඹිලි → ගඩොල් රතු අවක්ෂේපයක්. සුක්‍රෝස්වල කිසිදු වෙනසක් සිදු නොවේ — තනුක සල්ෆියුරික් අම්ල බිංදු කිහිපයක් දමා නැවත රත් කළ පසුව එම වර්ණ විපර්යාසය ම ලැබේ.

අම්ලය මගින් සුක්‍රෝස් එහි මොනොසැකරයිඩ දෙක බවට බෙදේ; බෙනඩික්ට් ද්‍රාවණය ප්‍රතික්‍රියා කරන්නේ ඒවා සමඟ ය. මොනොසැකරයිඩ හා සමහර ඩයිසැකරයිඩ කෙළින් ම ප්‍රතිචාර දක්වයි; සුක්‍රෝස්වලට අමතර පියවරක් අවශ්‍ය වේ.

ඉදිරියට යාමට ප්‍රශ්නයට පිළිතුරු දෙන්න.