12 වන ප්‍රශ්නය
ශාකයක පත්‍ර අග්‍රස්ථ මිය යමින් තිබේ. හිඟ වී ඇති ඛනිජ ලවණය කුමක්ද?
නිවැරදි පිළිතුර ඉහත ලකුණු කර ඇත.
කැල්සියම් ය. ශාකයක් තුළ එය සෛල බිත්තියේ සංඝටකයකි; ප්ලාස්ම පටලයේ ව්‍යූහය හා කෘත්‍ය පවත්වා ගැනීමට හා එන්සයිමවල මනා ක්‍රියාකාරිත්වයට ද වැදගත් වේ.
දැනගත යුතු අනෙක සින්ක් ය: එය හිඟ වූ විට ශාකය පුරා මැරුණු සෛල පටක ඇති වන අතර පත්‍ර අනවශ්‍ය ගනකමකින් යුතු වේ. සින්ක් බොහෝ එන්සයිමවල ක්‍රියාකාරිත්වයට හා හරිතප්‍රද සංශ්ලේෂණයට වැදගත් වේ.