මානව දේහයේ ඛනිජ ලවණ
අපේ සිරුරේ එක් එක් ඛනිජය කුමන කාර්යයක් ඉටු කරයි ද? එය ප්‍රමාණවත් ලෙස නොලැබුණොත් කුමක් සිදු වේ ද? පහත වගුවෙන් ඒ බව සසඳා බලන්න.
| මූලද්‍රව්‍යය | සිරුරේ කාර්යය | හිඟ වූ විට ලක්ෂණ |
|---|---|---|
| කැල්සියම් | දත් හා අස්ථි ගොඩනැගීම · තුවාලයක දී රුධිරය කැටි ගැසීම · ස්නායු නිසි ලෙස ක්‍රියා කිරීම · විටමින B අවශෝෂණයට උදව් වීම | රිකට්සියාව · දත් හා අස්ථි දුර්වල වීම · වර්ධනය අඩාල වීම |
| පොස්පරස් | දත් හා අස්ථි ගොඩනැගීම · නියුක්ලෙයික් අම්ලවල නොවැළැක්විය හැකි කොටසක් වීම · කාබොහයිඩ්‍රේට හා මේද පරිවෘත්තියට සහභාගී වීම · පේශි හා ස්නායුවලට ශක්තිය ඉක්මනින් සැපයීම | අස්ථි දුර්වල වී පහසුවෙන් බිඳීම |
| පොටෑසියම් | සෛල තුළ තරල ප්‍රමාණය සමබර ව තබා ගැනීම · හෘදය සහ මාංශ පේශි නිසි ලෙස ක්‍රියා කිරීම · ස්නායු ආවේග රැගෙන යාම | පේශි දුර්වලතාව · මානසික ව්‍යාකූලත්වය |
| සෝඩියම් | එන්සයිම ක්‍රියාකාරිත්වයට උදව් වීම · ජීරණ යුෂවල කොටසක් වීම · සෛල තුළ ආස්‍රැති පීඩනය නොවෙනස් ව තබා ගැනීම · ස්නායු ආවේග රැගෙන යාම | ශ්වසන අපහසුතා · කෙණ්ඩා පෙරළීම · ඔක්කාරය · පාචනය |
| මැග්නීසියම් | අස්ථි හා දත්වල කොටසක් වීම · කංකාල පේශි හා ස්නායුවල ක්‍රියාකාරිත්වය පාලනය · පරිවෘත්තීය ක්‍රියාවලිවලට සහාය වීම | හෘද ස්පන්දනය අසාමාන්‍ය ලෙස වැඩි වීම · ස්නායු දුර්වලතා |
| යකඩ | හිමොග්ලොබින් නිපදවීම · මාංශ පේශි තුළ ඔක්සිජන් තැන්පත් කර තබා ගැනීම · සමහර එන්සයිමවල කොටසක් වීම | රක්තහීනතාව · නිතර නිදිමත ගතිය · කාර්යශීලීත්වය අඩු වීම · මානසික වර්ධනය දුර්වල වීම |
| අයඩීන් | තයිරොක්සින් හෝර්මෝනය නිපදවීම | බුද්ධි වර්ධනය අඩාල වීම · ඉගෙනීමට උනන්දුව අඩු වීම · උසින් වැඩීම සීමා වීම |
රටාවක් සොයමු
වගුවේ පොටෑසියම්, සෝඩියම් සහ මැග්නීසියම් යන පේළි තුන නැවත කියවන්න. තුනට ම පොදු කාර්යයක් තිබේ: ස්නායු සහ පේශි නිසි ලෙස ක්‍රියා කරවීම. එම නිසා ඒවා හිඟ වූ විට ද පේශි දුර්වලතාව, කෙණ්ඩා පෙරළීම වැනි සමාන ලක්ෂණ පෙන්වයි.