Siyapath
ලියාපදිංචි වන්න

පාඩම: 13 පරිච්ඡේදය — ජෛව ලෝකය

13.2. ජීවීන් නාමකරණය 3 වන පිටුව (4)

නාමය ලියන ආකාරය

විද්‍යාත්මක නාමයක් ලියන ආකාරය ද සම්මතයන්ට යටත් ය. නමක් නිවැරදි වීමට එහි අකුරු නිවැරදි වීම පමණක් ප්‍රමාණවත් නොවේ.

සම්මතය විස්තරය
භාෂාව ජීව විද්‍යාත්මක නාමය ග්‍රීක හෝ ලතින් භාෂාවෙන් යොදයි.
අකුරු ඉංග්‍රීසි (රෝමන්) අක්ෂරවලින් ලියා දක්වයි.
කැපිටල් අකුර ගණ නාමයේ මුල් අකුර කැපිටල් ය; අනෙක් අකුරු සියල්ල සිම්පල් ය.
අත් අකුරින් පද දෙකට යටින් ඉරක් (underline) ඇඳිය යුතු ය.
මුද්‍රණය කරන විට ඇල අකුරින් (italics) මුද්‍රණය කළ යුතු ය.

නිවැරදි ද වැරදි ද?

Mangifera indica — නිවැරදි ය

Mangifera Indica — සුළු නාමය කැපිටල් නොවිය යුතු ය

mangifera indica — ගණ නාමය කැපිටල් විය යුතු ය

Mangifera indica — ඇල අකුරින් නොවේ

පළමු අකුර පමණි

ගණ නාමයේ මුල් අකුර පමණක් කැපිටල් ය. නාමයේ අනෙක් සියලු අකුරු — සුළු නාමයේ මුල් අකුර ඇතුළු ව — සිම්පල් ය.